රවීන්ද්‍ර නෙත්තසිංහ
නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරියපොළදී අද අලුයම (10) අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය කියයි. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි. මාරවිල ප්‍රදේශයේ සිට කුරුණෑගලට ගෙන ආ මෙම මත්පෙති තොගයට සඳහා මුදල් ලබාගැනීමට වාරියපොළට පැමිණි අවස්ථාවේ නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් මත සැකකරුවන් සහ මත්පෙති අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත වාරියපොළ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලන මිනිස්සුන්ගෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න බැරි ඇයි? මේ මත්පෙති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ව රටට හෙළිකරනවානම් අඩුම තරමින් සමාජජාල අතර දැනුවත් කර රටේ අහිංසකයො කීපදෙනෙක්වවත් මේ අනුතුරෙන් මුදවාගන්න පුළුවන් වෙයි.
අල්ලනවා, අල්ලනවා, ඊට පස්සේ තොරතුරු නැහැ, නඩු වලට මොකද උනේ කියල.
වාරියපොළ පොලිසියට ඔහොම දෙයක් කරන්න බැහැ. ඒ තරමටම දුර්වල නිලධාරීන් ඉන්නේ.
නියමයි මේ ලංකාවේ අල්ලපු වැඩිම මත්පෙති තොගය, එල එල .....