(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
විදේශීය රටක නිෂ්පාදිත කුඩා පිස්තෝලයක් සමග ව්‍යාපාරිකයෙකු වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
අර්ධ ස්වයංක්‍රීය ගිණි අවියක් වන එය ඔහුගේ ඉනේ සගවා ගෙන තිබියදී පොලීසිය සොයා ගෙන ඇත. වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක මිලාන් ලසන්ත බුද්ධික මහතාට පුද්ගලික ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරකට අනුව අදාල හෝටලයට ගොස් වැටලීම සිදු කර තිබේ.
කිසියම් අපරාධයක් සිදු කිරිමේ අරමුණින් එම පිස්තෝලය ලග තබා ගෙන සිටින්නට ඇති බවට පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයෙකු නිසා පවුද්ගලික ආරක්ෂාවට ගෙන්වාගත් එකක් වෙන්න ඇති මයික්‍රෝ පිස්තෝලයකින් මහා ජන ඝාතන කරන්න බැහැ. අපරාධකාරයෝ පාවිච්චි කරන්නේ ටි56 අද කාලේ. පුද්ගලික ආරක්ෂාවට ගිනි අවියක් ලබාගන්න හැමෝටම බැහැ අද තියන නීති එක්ක. එයින් රැකෙන්නේ අපරාධකාරයෝ මිස සාමාන්‍ය ජනය නොවේ