(ඉන්දිකා රාමනායක)
දුම්ර්ය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු බාධාවකින් තොරව විධිමත්ව සිදුකර ගැනිම සඳහා සියලූ දුම්රිය ස්ථානවලට අද(8) සිට පොලිස් ආරක්ෂාව යෙදවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
දුම්රිය ස්ථානවල, මගීන්ගේ හා දුම්රිය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සියලූම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහ පොලිස්පතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd