(කටුනායක ටී.කේ .ජී.කපිල )
රුපියල් එක් මිලියන 11 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ 25 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -302 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු රැගෙන ආ ගමන් මල්ලේ සිංගප්පූරු ඩොලර් ලක්ෂයක මුදලක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම චීන ජාතිකයා අතර අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොර රහසේ ගෙනාව " ෆොරීන් එක්ස්චේන්ජ් ඇක්ට්'' එකෙන් මේවා ලිස්සලා යයි.
අපි මේ මුදල් ගෙන ඒම සහ නැවත ගෙනයාම ගැන නීති නොදන්නා නිසා අදහස් ප්‍රකාශ් කිරීමට බැරිය. නමුත් පෙනෙන විදිහට ලංකාවේ සිංගප්පුරු ඩොලර් භාවිතා වෙන්නේ නැහැනේ. එමනිසා මෙම මුදල වෙන රටකින් මෙහාට ගෙනත් නැවත සිංගප්පුරුවට ගෙනයනවා වෙන්න ඇති. වැරැද්ද තිබෙන්නේ මුදල් ගෙනෙන විට ප්‍රකාශ නොකර සිටීමයි. විදේශීය ශ්‍රමිකයින් පවා දැන් ලංකාවට මුදල් එවීමට මැලි වෙනවා. මමනම් ළමයින්ට කීවා ලංකාවට මුදල් එවන්න එපා කියලා. අපි වෙන ක්‍රම වලින් මුදල් ගන්නවා.
මේක සිංගප්පුරු ඩොලර් ලක්ෂයක්, ඒ කියන්නේ රුපියල් එකසිය එකොලොස් ලක්ෂයක්. එහෙම නැතිනම් එක් කෝටි එකොලොස් ලක්ෂයක් . මේකේ තියන හැටියට සිංගප්පුරු ඩොලරයක් රුපියල් දහයයි.
යන්න වැල්ලවත්තට හෝ කොටුවව. විදේශ මුදල් හුවමාරු කරන ඕනෙම තැනකට ගිහින් රුපියල් දීලා යවන්න ඕනේ රට, මුදල් වර්ගය සහ විදේශයේ ගිණුම් අංකය දුන්නාම දවස් තුනකින් පිටරට ගිණුමට මුදල් ලැබෙනවා.
සෑම විදේශ මුදල් හුවමාරු කරන්නෙක්ම සිය නියෝජිතයෙක් සංගප්පූරුවේ ඉන්නවා. ඔහු හරහා තමයි මුදල් හුවමාරු වෙන්නේ. ලංකාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ඩොලර් හුවමාරු වෙනවා. සමහර බුකී කරුවන් එකතුවෙන මුදල් බැංකුගත කරන්නේ විදේශමුදල් වලින්...