(හර්ෂණ තුෂාර සිල්වා)
දීර්ඝ කරන ලද ණය අරමුදලේ තෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.
ඉකුත් වසරේ ජූනි මාසයේදී මාස 36ක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර එහි පළමු වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ද දෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක් පසුගිය ජූලි මාසයේදී ද ශ්‍රී ලංකාවට හිමිවිය. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.
තෙවැනි ණය වාරිකය ලබාදීම සලකා බැලීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
මෙම ණය මුදලත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා වෙත ලබාදී තිබෙන සම්පූර්ණ ණය මුදල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 760කි.
ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අඩු කළ යුතු බවත් බදු එකතු කිරීම් සහ විදේශ සංචිත තර කිරීම ද ඇතුළු ඒ සඳහා ඉහළ ප්‍රගතියක් අවශ්‍ය බවත් ණය මුදල මුදා හරින බව සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර සහ රාජ්‍ය ව්‍යවසායවල දුර්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල කරුණු පෙන්වා දී තිබෙන අතර මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ද අවධාරණය කර තිබේ. උද්ධමනය සහ ණය වර්ධනය ඉහළ තත්ත්වයක තිබෙන බව ද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති ...අපිට මේ මාසෙත් පඩි හම්බ වෙනවා...
තව ඇමැතිවරු 5දෙනෙක් අළුතින් පත්කරගන්න පුළුවන්..
මේකෙන් ඉතින් මහින්දගේ ණය උගුල තවත් තද වෙන්නේ නැද්ද? මහින්ද ගන්න කොට නරකයි. මේ ගොල්ලෝ ගන්න කොට හොඳයි. මහින්ද ගත්ත ණය වලින් නම් යුද්දේ දිනලා රටට කරපු වඩාත් පෙනෙන්න තිබුණා. මේ ගොල්ලන් ණය අරන් සෙල්ලම් කරනවා.
දැනට රට අසු වී තිබෙන ණය උගුලෙන් ගැලවීමට මෙවැනි ණය ගැනීමට සිදුවේ. මා සිතන හැටියට මේ ණය මුදල් පරණ ණය ගෙවීම සඳහා භාවිතා කිරීමට සිදුවන අතර, රට සංවර්ධනය කිරීමට යොදා ගත හැකි වන්නේ නැහැ. දැන් සිදුවන්නේ සංවර්ධනය නොව ණය රෝල් කිරීමක් පමණි.
නාරද මහතා දන්නා තරම. අයිඑම්එෆ් එක කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න පොඩ්ඩක්. කටට එන පලියට කියවන්නේ නැතුව.
හුරේ... දියවන්නා ඔයේ "අම්බරුවන්හට" ජයවේවා.... අග සහ ඇ " මැතිහොරුන් " හට වැඩිවැඩියෙන් ලැබේවා.. මව්බිමේ දූදරුවන් හට...
අයි.එම්.එෆ්. එකෙන් ණය අරන්, වලට මිස ගොඩ ගිය රටක් තියෙනවද?
දැන් අපේ මේ ලෝකෙම්ම උතුම් රටේ හෙවත් ඔරිජිනල් ථෙරවාදී බෞද්ධ රාජ්ජයේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි..විදේශ ණය ගැහිල්ල! පළමුවත් මවුබිම! දෙවනුවත් මවුබිම,..තුන්වෙනුවත් මවුබිම!!!