අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් මිලියන 921 ක්
අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලියන 30 ක් නිවාස සඳහා මිලියන 614 ක් ද , යටිතල පහසුකම් සඳහා මිලියන 114 ක්, වන්දි ගෙවිම සඳහා මිලියන 163 ක් වැය කර ඇති බව කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අරණායකදි පැවසිය.