(ක.ග කරුණාරත්න)
පොළොන්නරුවේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) පෙරවරුවේ සිදු කෙරිණි.
මෙම රෝහල චීන සමූහ ආණ්ඩුවේ මුදල් පරිත්‍යාගයක් මත ඉදිකෙරෙන අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1200 කි.
මෙම රෝහල නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් වලින් සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරණ සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලුම සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප්‍රතිකාර ඒකකයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුතු නේවාසික රෝගීන් ප්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහිත නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් ද ඊට අයත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී සියංලියාන්ග්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගී ජන පරපුරක් බිහි කරන්න සැලසුමක් නැහැ වගේ.
ඉතාම වටිනා වැඩක්. අතිගරු ජනාධිපතිතුමනි ඔබට පින්. අනුරාධපුර ශික්ෂණ රෝහලත් කොළඹ මහා රෝහල වගේ දියුණු කරලා දෙන්න. රජරට අපි ඔබ සමගයි.
දකුණු ආසියාවේ ලොකුම වකුගඩු ඉස්පිරිතාලය කියලා පම්පෝරි ගහල හරියන්නේ නැහැ, මොකද ජාතියක් විදියට මේ වෙලා තියෙන ව්‍යසනයට හරි නම් බිම පෙරලි, පෙරලි අඬන්න ඕනේ. ඉස්පිරිතාලය හදන එකට සමගාමීව ආණ්ඩුවක් විදියට වකුගඩු රෝග ව්‍යාප්තියට ඉතා කඩිනම් පියවර ගන්න ඕනේ.
ඕක ඉතින් ඔච්චරම තමා. මෙයා කවද්ද හරියට දෙයක් කරේ. අනුන් කරපු ඒවට තමන්ගේ නම ගහගන්නවා මිසක්. ඔය මුල් ගලෙනුත් කෝටි ගානක් ගැහුවද දන්නෙත් නැහැ.
ලෙඩේට හේතුව හොයාගන්න එක තමයි ප්රමුඛ කාරිය විය යුත්තේ. ලොකුම එක තව ලොකු කරන්න වේවි... හේතුව හොයලා පිළියම් කලේ නැත්නම්.
පුළුවන්නම් ලෙඩ්ඩු අඩු කරලා එක රෝහලක් හරි වහන්න බලන්න. රටක් වශයෙන් ජයග්‍රණයක් ලැබෙන්නේ එතකොටයි.
"වකුගඩු" මොනවද? වරායක් හරි, ගුවන් තොටුපලක් හරි හදන එකනේ වැඩේ....
ඉතාම හොඳ වැඩක්. අහිංසක ලෙඩ්ඩුනට සරණක් ! වකුගඩු රෝගය මාරාන්තික රෝගයක්. බහුතරයක් අහිංසක ගොවීන් ගොදුරු වී ඇත.
වකුගඩු අකර්මණ්‍ය වූ පසු බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කරන්න තියෙන දේවල් සීමා සහිතයි. ඒ නිසා කරන්න තියෙන වැදගත්ම දේ තමයි. වකුගඩු රෝග කාරක රටින් තුරන් කිරීමට කටයුතු කිරීම. විෂ කෘෂි රසායන සහ කල්තබා ගන්නා රසායනකික ඇතුළු විශාල රසායනික ද්‍රව්‍ය අප ගන්න ආහාර සහ ජලයට යොදනවා. මේවා නිසා වකුගඩු රෝග පමණක් නොවේ. බෝ නොවන රෝග වන පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග වලින් ජනතාව බහුතරයක් පීඩා ලබනවා. මෙච්චර ගහකොළ, ඇල දොළ ගංගා ඇති සශ්‍රීක රටක ජීවත් වෙද්දීත්, පිරිසිදු ජලය ටිකක් බොන්න, පිරිසිදු පලතුරු එළවලු ටිකක් ගන්න විදියක් නැති හැටි දකින කොට මිනිස්සු විදියට අපි කොච්චර අසරණ වෙලාද කියල හිතෙනවා.
පක්ෂ දේශපාලනේ ඉහට ගහලා මොලගෙඩි නරක් වෙලා ඉන්න අපේ මේ රෝගීන්ට, ලෝකෙන් විශාලම මානසික රෝහලක් හදන්න මුල්ගල තියන්නේ කවදාද ජනාධිපතිතුමනි?
පොළොන්නරුවේ මෙම රෝහල ඉදිකරන්නේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ ගම නිසාම නොවේ. රටේ වැඩියෙන්ම වකුගඩු රෝගීන් ඉන්න ප්‍රදේශය නිසයි. රටට අවශ්‍යතාවයක් නිසයි. නමුත් හිටපු ජනාධිපති හිතුවේ වැඩිම රටයන මිනිස්සු ඉන්නේ, වැඩිම ක්‍රිකට් ගහන අය ඉන්නේ, වැඩිම නළු නිලියන් ඉන්නේ, හම්බන්තොට කියලයි. ඒ නිසයි ගුවන් තොටුපළවල්, ජාත්‍යන්තර ක්‍රීඩාපිටි, සිනමා ගම්මාන වැනි දේවල් ඇති කලේ.... නමුත් ඒවා සියල්ල කැලෑවට ගියා.
ආඩම්බර වීමට කාරණයක් නොවේ. වකුගඩු රෝගය තුරන් කිරීමට කටයුතු කලයුතුයි. මිනිසුන්ට පිරිසිදු පානීය ජලය සැපයීම කල යුතුයි. පොළොන්නරුවට අංග සම්පූරණ රෝහලක් ලැබීම අගය කල යුතුයි.
හරිම සතුටුයි නේද ? ඉස්සහරට එන නිවුස් , ආසියාවේ ලොකුම මානසික රෝහල ලංකාවේ, ලෝකයේ ලොකුම දියවැඩියා රෝහල ලංකාවේ, ලෝකයේ ලොකුම පිලිකා රෝහල, ආසියාවේ විශාලතම වාසනාවන් හරි ... වාසනාවන්...
අපි හදන්නෙම විශාල දේවල්, කුඩා ඒවා මුකුත් නැහැ. ඊට පස්සේ විශාල දේවල් නඩත්තු කරන්න ගියාම ප්‍රශ්න. මුදල් නැහැ, ඉතින් ණය ගන්න වෙනවා.