හිටපු සහකාර කළමනාකරු අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස්
පෞද්ගලික බස් රථයට මහනුවර-ත්‍රීකුණාමලය ධාවන අවසර පත්‍රය ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නිකුත් කිරීමට පෞද්ගලික බස් රථයේ හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා එම අල්ලස් මුදල ලබාගත් බවට චෝදනා ලැබ සිටි මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ හිටපු සහකාර කළමණාකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නීශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා නියම කළේය.