(කිරිදිවැල - උපාලි රණවීර)
ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුලු හය දෙනෙකු රැගෙන කොළඹ බලා පියාසර කළ පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද (2) සවස 5.00ට පමණ හේනේගම මධ්‍ය විද්‍යාල ක්‍රීඩාපිටියට ගොඩ බස්වනු ලැබිණ.
එම අවස්ථාව වන විටද දැඩි වර්ෂාවක් හා අදුරු ස්වභායකින් යුතු කාළගුණයක් ප්‍රදේශය පුරා පැවතුණි. එම යානය ගිරිඋල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා පියාසර කර ඇත.
එහි නියමුභටයා පැවසුවේ යානය තවදුරටත් රැගෙන යාමට නොහැකිවු බැවින් එම ස්ථානයට ගොඩ බැස්සවු බවයි.
එම අවස්ථාවේ සිට මල්වතුහිරිපිටිය පොලිසිය එම යානයට ආරක්ෂාව සලසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර මහජනතාවට සේවය කරන්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත දුප්පත් ඇමති කෙනෙකුට අයත් තමන්ගේම සමාගමක හෙලිකොප්ටරයක්....
වැස්සට යටින් පියාසර කරන්න බැරි හෙළිකොප්ටර තිබෙන රටක් හැටියට ශ්‍රී ලංකාව ගැන ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනා මොනවා හිතුවද දන්නේ නැහැ ! අපේ ව්‍යාපාරිකයින්ට නම් ඕවා පුරුදු ඇති නේ !!!
මේක දයා ගමගේ මහත්තයාගේ නිතරම කුඹුරු වලට බස්සන එකක්
මෝඩ කථා කියන්න එපා.. ඩොනල්ඩ් ට්‍රම්ප් උතුර කොරියානු දේශ සිමාවට යන එක අත් හැරියේ අයහපත් කාලගුණ නිසා.........
පස් දෙනෙක් වැස්සට නොතෙමී යන කාර් අරන් හිටන්... අපේ කොමෙන්ට් පේන්න බැරි වෙලා