(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල එනමල්පොත හතේ කනුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන ෆාම් තෙල් පොල්තෙල් කිරීමේ මහා පරිමාණ කම්හලක් අද (04) සොයාගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් අංශය පවසයි.
මෙම ස්ථානයේ තිබී කලවම් කරන ලද පොල්තෙල් සහ ෆාම් තෙල් ලීටර් 25000ක් පමණ සොයාගත් බවත් මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ව්‍යාපාරිකයා සමග ලොරි රථයක් සහ කැබ් රථයක් සැකපිට පොලිස් බාරයට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .ජි . ජයතිලක මහතා කියයි.
වැටලීම කරන අවස්ථාව වනවිට එහි ප්‍රධාන ව්‍යාපාරිකයා එම ඉඩම පිටුපස පිරිසක් යොදවා ගෙන නිධානයක් හෑරීමේ චෝදනාවට පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
එම නිධානය හැරීමට පැමිණ සිටි ප්රදේශවාසියකු විසින් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත මෙම මහා පරිමාණ පොල්තෙල් ජාවාරම පිළිබඳව තොරතුරු ලබා දෙනු ලැබීය.
මේ දිනවල විශාල වශයෙන් පොල් තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා මෙම ජාවාරම කරන බවත් ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුවෙන බවත් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායට පාපොච්චාරණය කළ බව ජයතිලක මහතා පැවසීය.
මේ පිළිබඳව කළ දැනුම්දීමකින් පසු ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් .කේ .දයාරත්න මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ මහතා පැවසුවේ මෙම ජාවාරම පිළිබඳව තම ආයතනයට තොරතුරු ලැබී තිබුනත් වැටලීම් සඳහා පැමිණෙද්දී ඔවුන් නොමඟ යවා ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පිටත් වන බවයි.
මහා පරිමාණයෙන් සිදුවෙන මෙවන් ජාවාරමක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන මෙවැනි අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකරගැනීම ගැන සතුටුවෙමු. එහෙත් තවමත් මෙවැනි අපරාධ කරමින් සැඟවී සිටිනවුන් අල්ලා ගැනීමට සියලුදෙනා සහය දියයුතුය. මෙවැනි ආහාරයට නුසුදුසු දේ අනුභව කරන කුඩා දරුවන් පවා විශාල අනතුරකට මුහුණදෙනවා නොවේද?
අනේ පව් පී.එච්.අයි බබා. නොමග යවලා....
එස්.ටී.එෆ් මහත්වරුන්ට බෝහෝම පින්! අහිංසක පාරිභෝගිකයන් කූට ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගැනීම ගැන....
සෞඛ්‍ය පරීක්ෂක නොදන්නවා නොවේ. මෙපමණ කල් ජරාව කාල සමහර විට පොලිසියත් නොදන්නවා වෙන්න බැහැ. අපි නොදන්නා මොනරතැන්න
මෙයාලගේ නම් ගම් දාන්න...
ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර දෙන්න පොඩි ළමයෙකුට....
පොලිසිය වැරැද්දක් කළාම දඬුවම ස්ථාන මාරුව.... මෙයාලා වැරැද්දක් කලාම පොඩි දඩයක් දෙනවා. මේ කෑම වලට විස දාන එකේ අවසානය මනුස්සයෙක්ගේ මරණය. මිනිහෙක් එක පාර වෙඩි තියල මැරුවත්, වස දාලා මෙහෙම ටික ටික මරණ එකෙයි.., දෙකම එකම දේ වෙන්නේ. කෑමවලට විස දාන අයට දෙන්න ඕනේ මරණ දඩුවම. නැත්නම් ලංකාවේ කවදාවත් මේවා නවත්තන්න බෑ. කිසිවෙක් මෙහෙම බැරිවෙලා විස දාන්නේ නෑ. අනිත් අයට හානියක් වෙන බව දැනදැනම තමයි මෙහෙම කරන්නේ. ඉතින් මරණ දඬුවම සාධාරණයි.
ඔක්කොම අල්ලන්න ඉන්නේ එස්.ටී.එෆ්. එක විතරද? පී.එච්.අයි. මහත්වරු පින්පඩි ගන්නවා. එස්.ටී.එෆ්. කොල්ලනේ හැමදේකින්ම අපි බේරාගන්න ඉන්නේ නුඹලා විතරයි. එස්.ටී.එෆ්. කොල්ලන්ට ජයවේවා !!!
හලාවත, මාදම්පේ, පුත්තලම වැනි ප්‍රදේශවල ඔය ක්‍රියාව සියයට 99ක්ම සිදුවෙනවා. සියයට 100ක්ම පිරිසිදු පොල්තෙල් තියෙන්නේ සියයට 1කි. සුළුවට ගෙවල් වල හදන්න පොල්තෙල් සියයට 100ක්ම පිරිසිදුයි.
"ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.කේ. දයාරත්න මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ මහතා පැවසුවේ මෙම ජාවාරම පිළිබඳව තම ආයතනයට තොරතුරු ලැබී තිබුණත් වැටලීම් සඳහා පැමිණෙද්දී ඔවුන් නොමඟ යවා ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පිටත් වන බවයි". ව්‍යාපාරිකයා ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක තොත්ත බබා නොමඟ යැව්වේ ගාණක් අතමිට මෙලවීමෙන්ද? මගේ අදහස නම් ව්‍යාපාරිකයා මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට හානිකර මේ කූට ව්‍යාපාරය ගැන තොරතුරු දැන දැනම ඊට එරෙහිව ක්‍රියා නොකළ ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක තොත්ත බබාත් අත්අඩංගුවට ගත යුතුය.
මේ වගේ පහසුවෙන් නොමඟ හැරිය හැකි නිලධාරීන් තව තවත් රටට වාසනාවක් තමයි....
නොමග යන ළදරු නිලධාරීන් යහමගට ගැනීමට කොන්ද පණ ඇති පාලකයින් නෑනේ...