(විනීතා එම් ගමගේ)
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මඟින් විවිධ ලේඛන සහතික කිරීම සඳහා අයකරනු ලබන ගාස්තු ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
1981 අංක 04 දරණ කොන්සියුලර් කටයුතු පනත යටතේ අයකරනු ලබන ගාස්තු මෙසේ සංශෝධනය කර ඇත.
මේ අනුව විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සඳහා රුපියල් 500 ක් ද, විදේශ ජාතිකයකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ඕනෑම සහතිකයක් සඳහා රුපියල් 1500 ක් ද අපනයන කටයුතු සඳහා නිකුත් කරන ඕනෑම ලේඛණයක් සඳහා රුපියල් 6000 ක් ද වෙනත් ඕනැම ලේඛණයක් සඳහා රුපියල් 800 ක් ද ලෙස නව ගාස්තු සංශෝධනය කර ඇත.
මේ සඳහා වන 2044/39 අංකයැති අති විශේෂ ගැසට් නිවේදනය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ඉකුත් නොවැම්බර් 9 දා තමින් යුතුව නිකුත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අාදායම උපදවා ගැනීමට මෙය කදිම අදහසකි. මැදපෙරදිග සේවකයින්ගෙන් ගන්න ගාස්තුව අඩු කර ඉතාලිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ඇමරිකාව වැනි රටවලින් අය කරන මුදල තවත් වැඩි කරන්න.
මේ අය රට විරුවෝ කියලා අපිට සෝබන නම් දාලා අපිව ඇන්දුවට, කෙලින්නෙම පිටරට වැඩකරන අපිට. කිසිම ආණ්ඩුවකින් කිසිම අයවැයකින් සහනයක් නෑ. දැන් පිටරට වැඩට එන අහිංසකයෝ බියුරෝ එකේ කිසිම වැඩක් නැති ගාස්තු, මෙඩිකල් රිපෝට් අනම් මනම් සේරම ඇටෙස්ට් කරගන්න විදේශ ආමාත්‍යාංශයට ආවම තවත් වැඩිපුර ගෙවන්න වෙනවා. එතන අපායක් වගේ. කිසිම සේවාවක් නෑ. අඩුම ගානෙ ෆෑන්, ඒසී වත් වැඩ කරන්නේ නැහැ. තට්ටු ගනන් පයින් යන්න ඕනේ...
rata wiruwa ඔබ දක්වා ඇත්තේ අතීතයේ පැවති කන්සියුලර් කාර්යාලය පිළිබඳවයි. වර්තමානය දැක ගන්න පැමිණ බලන්න.