(රංජන් කස්තුරි)
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු කිසිදු ආගමික සිද්ධස්ථානයක දී සිදුකිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කාලසීමාවේ දී පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන හා වෙනත් පූජනීය පරිශ්‍රවල දේශපාලන රැස්වීම් පැවැත්වීම, ආධාර බෙදීම, සුබ සාධන කටයුතු හා වෙනත් වැඩසටහන් පැවැත්වීම තහනම් වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ආගමික වැඩසටහන් පවත්වන මුවාවෙන් පූජනීය භූමිවලට දේශපාලනඥයින් සහභාගීවන වැඩසටහන්වලට ඉඩ නොදෙන්නැයි සියලු ආගමික නායකයින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද දේශප්‍රිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මසුරන් වටිනා නීතියක්... නැත්තම් අර නාරාහේන්පිට පැත්තේ තියන පූජා ස්ථානය කෙලින්ම ඡන්ද ප්රචාරක මධ්‍යථානයක් වේවි!!! හැබැයි ඉතින් අර පන්සලක්, පන්සලක් ගානේ යන එක්කෙනා "අපේ හාමුදුරුවනේ දැන් අපිට පන්සලකටවත් එන්න නිදහසක් නැහැනේ " කියල මේකත් තමාගේ වාසියට හරවා ගනියි...
ගොඩක් හොඳයි. එකී පාර්ශවය දේශපාලන වේදිකාවලට සහභාගි වීමත් තහනම් කරන්න ඕනෑ...
ආගමික නායකයන්ගෙන් ඕක ඉල්ලා තේරුමක් නැහැ. එයාලත් කරන්නේ දේශපාලනය... ඔබතුමා සතු බලය උපරිම ලෙස පාවිච්චි කරන්න. මේ රටේ ජනතාව ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තබාගෙන තියෙනවා.
පූජකයින්ට දේශපාලනය අනවශ්‍ය දෙයක්.... එ් නිසා පූජකයින්ව දේශපාලනයෙන් සදහටම නිදහස් කෙරුවා නම් හොඳයි කියලා අපිත් හිතනවා.
පන්සල් වලට විතරක් අවදානය යොමුකරන්න එපා. මුස්ලිම් පල්ලිවල කරන දේශපාලන සාකච්චා තහනම් කරනවද? ඒවාගැන හොයන්නේ කවුද ?
බලමුකෝ. ඔබ තුමා මොනවා කීවත් සමහර හාමුදුරුවරුන්ට දේශ පාලනය නොකර ඉන්නම බැහැ.
ඔක්කොම බෞද්ධයන්ට විතරයි. මුස්ලිම් පල්ලි වල සිකුරාදාට කරන දේශපාලන සාකච්ඡා නතර කරන්නෙ නැද්ද. අනික ඕන කෙනෙක්ට ඕන දේශපාලනයක් කරන්න නිදහස තියෙන්න ඕන. ඒක කාටවත් තහනම් කරන්න බෑ. ඕන කෙනෙක්ට ඕන ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒක තහනම් කරන්න කාටවත් බෑ. මොකද මේ වගේ නීති ගේන්නෙ රනිල්ට කවදාවත් පන්සලට එන්න බෑ. පන්සලේ සහයක් කවදාවත් රනිල්ට නෑ.
ආගමික ස්ථාන වල විතරක් නොවෙයි සියලුම පුජක වරුන්ට ඡන්දය අහෝසි කරන්න ඕන. පුජක වරු කියන්නේ එක කොටසකට විතරක් නැඹුරු විය යුතු ය නොවෙයි.
ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන වලට ගන්නත් එපා. මැතිවරණ කොමිෂන් සභාවට එක ලේසියෙන්ම කරන්න පුළුවන්.
ඉතිං එහෙනං මොකටද ආගමික ස්ථානවල ඡන්දේ තියන්නේ..