දිය පොදක් සොයා තැන තැන යති
වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත් එය කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවු බවත් මේ වන විට පවුල් 5,000ත් 15,000ත් අතර සංඛ්‍යාවකට බිමට ජලය නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටින බවත් ප්‍රදේශවාසීහු කියති.