මුදිතා දයානන්ද
බස්නාහිර පළාතේ පාසල්ව වාර පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය මාෆියාවක් බවට පත්වී ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පැවසීය.
නිපුණආරච්චි මහතා එසේ පැවසූයේ බස්නාහිර පළාත් සභාවේ 2018 අය වැය විවාදයට එක්වෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු නිපුණආරච්චි මහතා මෙසේද පැවසීය.
‘බස්නාහිර පළාතේ පාසල්වල හය වසරේ සිට එකොළහ වසර දක්වා පංතිවලට අදාල වාර පරීක්ෂණ සඳහා ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කරන්නේ පුද්ගලික ආයතනයක. මේ ආයතනයම සෑම වසරකටම අදාලව ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර සහිත පොතක් මුද්‍රණය කරනවා. ගුරුවරු මේ පොත ගන්න කියලා සිසුන් දැනුම්වත් කරනවා. වාර පරීක්ෂණයේ ප‍්‍රශ්න පත‍්‍රවලට බොහෝ සමාන ප‍්‍රශ්න මේ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර පොතේ තිබෙනවා.
ඒ වගේම මේ ප‍්‍රශ්න පත‍්‍රවලට යොදාගෙන ඇති කඩදාසිය ගේජ් හයකින් බාලයි. අකුරු නියමිත ප‍්‍රමාණයට නැහැ. සෑමප‍්‍රශ්න පත‍්‍රයකටම තිබිය යුතු අනුක‍්‍රමික අංකය මෙහි නැහැ. ඒ ගැන අහුවාම අධ්‍යාපන ඇමතිතුමා කියනවා හැම එකකටම වෙන වෙනම අංක යෙදීම අපහසු නිසා එසේ කළේ නැහැ කියලා. ඒවාට තමයි අපි ගෙවන්නේ. මේ ආදර්ශ පොතේ මුද්‍රණ වගකීම දරන්නේ හිටපු විභාග කොමසාරිස්වරයෙක්ගේ නමින්. අපි හිතනවා ආයතනයේ හිමිකරු ඔහු කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකවේ රජයේ පාසැල් වල වාර විභාග ප්‍රශ්ණපත්‍ර සියල්ල සකස් කර මුද්‍රණය කර බෙදාහරින්නෙ පුද්ගලික මුද්රණාලවලින්ය. එම ප්රශ්ණපත්රවල ප්‍රමිතිය හෝ රහස්‍යභාවය ගැන සහතික වීමට හෝ මැදිහත් වීමට විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ටද නොහැකිය. අනෙක එකම කලාපයක පාසැල් අතරත් විවිධ ප්‍රශ්ණපත්‍ර බෙදාහැරේ. (මෙහි වාසි ටියුෂන් කරුවන් සතුයි.) සමස්ත ලංකාවම ආවරණ පරිදි 4 වසරේ සිට 13 වසර දක්වා ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ප්‍රශ්ණපත්‍ර භාෂා තුනෙන්ම නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට (විභාග) නොහැකි මන්ද?
ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණ මාෆියාව බස්නාහිර පළාතේ පමණක් නොවෙයි. මුළු දිවයිනේම තියෙනවා. සමහර පුද්ගලික මුද්‍රණාලවල වසර 20-30 ක ඉඳලා එක දිගට මේවා මුද්‍රණය කෙරෙනවා. අදාල පුද්ගලයින් ලොකු ලොකු කොමිස් ගහනවා. මිල ගණන් කැඳවීමක් ඇත්තේ නැහැ වගේ.