(සිතුම් චතුරංග)
යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය , කනකපුරම්හි මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රදේශිය සභාව විසින් තීරණයකොට තිබේ.
පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්.ශ්‍රීදරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටත් රුපියල් ලක්ෂ 40 වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය ඇරඹූ අතර එහි තිබූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ සොහොන් කොත් 97 යළි සැකසීමටද කටයුතු යොදා තිබිණ.
කරච්චි ප්‍රදේශිය සභාව හා කිලිනොච්චිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය පමණක් ඉදිකොට උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.
මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කොට එල්.ටි.ටි.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අගමැතිවරයා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරන් අරුමෙයිනායගම් මහතාගෙන් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
කනකපුරම් මහ විරු සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට තිබේ දැයි කරච්චි ප්‍රාදේශිය ලේකම් එස්.තම්සනාදන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල ස්ථානය කරච්චි ප්‍රදේශීය සභාවට අයත් බැවින් කිලිනොච්චි සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි ලේසියි වැඩේ.සොහොන් කොත් ඩෝසර් කරලා ගස් හදන්ඩ තියෙන්නෙ.
ඔන්න බලය බෙදීමේ ප්‍රතිපල. තවත් භයානක දේවල් වෙන්න පුළුවන්. අපිට වීසා ගන්නත් වේවි නාගදීපයට යන්න. කල්පනාවෙන් ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.
මේක ඩෝසර් කරලා දාලා ගස් වවලා උද්භිද උද්‍යානයක් කරන්න.
කියන්න ත්යන්නේ ඉල්ලන් කනවෝ කියල තමා.
යහපාලනයේ තවත් ප්‍රතිපලයක්. චන්දෙ දීපු එවුන් දැන් ඉතින් ආප්ප නෙමෙයි තෝසෙ කාපියවූ මසල වඩේ එක්ක.
මාධ්‍ය මගින් හුවා දක්වා, අගමැතිතුමා මැදිහත් උනේ නැත්නම් මේ මහසොහොන් පිටිය ත්‍රස්තවාදී කොටි සිහිවටන අටවාගෙන වන්දනාමාන කරන දෙවොලක් වෙන්න තිබුණා... රට විනාශ කර අහිංසක ජනතාව අමු අමුවේ ඝාතනය කරපු ත්‍රස්තවාදී කොටින්ට මොන සිහිවටනද ? රුපියල් ලක්ෂ 40ක් කජු ඇට, කොස් ඇට යයි සිතා සොහොන් හදන්නේ මොළේ කළදක්වත් නැති පුස්සන්, උතුරේ මෙන්ම දකුණේත් සිටින්නේ මහජනතාවගේ අවාසනාවටය ! කොටි සොහොන් 97ක් පමණක් එහි ඇත්තේ යුද්ධයෙන් පරලොව ගියේ කොටි ත්රස්තවාදීන් එපමණයි කියා පෙන්වීමටද ? අභීත ශ්‍රී ලංකා රණවිරුවන් අතින් පරලොව ගිය සියලු කොටි ත්රස්තවාදීන් වෙනුවෙන් සිහිවටන හදන්න ගියොත් උතුරු නැගෙනහිර පළාත්වලින් බාගයක්වත් වත් යාවි.... කනකපුරම් උද්භිද උද්‍යානය තුල තවමත් මුල්බැස ගෙන තියෙන්නේ සොහොන් ගල් ටිකක් පමණක් වීම හාස්‍යජනක කරුණකි. ගස් හිටවන්න තවත් ලක්ෂ කීයක් ඕනෑ වෙයිද ?
L.T.T.E යහපාලනය = ශ්‍රී ලංකා
බොරැල්ල උද්භිද උද්‍යානය....දෙහිවල ගල්කිස්ස "නිසල සෙවණ" උද්භිද උද්‍යානය, බටලන්ද උද්භිද උද්‍යානය, සූරිය කන්ද උද්භිද උද්‍යානය, වවුල් කැලේ උද්භිද උද්‍යානය, තේක්ක කැලේ උද්භිද උද්‍යානය, තිඹිරිගස්යාය හමුදා උද්භිද උද්‍යානය....තවද තවද තව තවද...
Mekata thamayi kiyanne sanhindiyaava saha Yahapaalana kiyala.