(හර්ෂණ තුෂාර සිල්වා)
අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ තිදෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් අද (4) මෙරටට පැමිණියහ.
මේ මස 15 වැනිදා දක්වා මෙරට සිටින එම නියෝජිත පිරිස රටේ නිදහස අහිමි කිරීම සම්බන්ධයෙන් මූලිකව සොයා බැලීමට නියමිතය. ජොසේ ඇන්ටෝනියෝ ගුවේරා , බරමුදෙස්ල ලෙයි ටූමි සහ එලීනා ස්ටෙයිනටේ යන තිදෙනා මෙරට සංචාරයේ යෙදෙනා තිදෙනාය.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් තිදෙනා බන්ධනාගාර , පොලිස් ස්ථාන, බාලවයස්කාරයන් සිටින ස්ථාන ඇතුළු විවිධ ස්ථානවලට යමින් තොරතුරු රැස් කිරීමට නියමිතය. බස්නාහිර, උතුරු මැද, උතුර, නැගෙනහිරල දකුණ සහ මධ්‍යම යන පළාත්වල සංචාරය කරමින් රජයේ නිලධාරී, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතළු පාර්ශව හමුවෙමින් තොරතුරු එක්රැස් කරනු ඇත.
මෙරට සංචාරයෙන් සොයාගන්නා කරුණු ඇතුළත් වාර්තාවක් මෙම කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
පසුගිය ජූලි මාසයේදී ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ගෙන්, ජාත්යසන්තර ක්ෂමා සංවිධානයෙන් සහ තවත් සංවිධාන කිහිපයකින් බලහත්කාරයෙන් කෙරෙන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයට චෝදනා එල්ල විය. පසුගිය මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලනුරූපි නිරීක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ලංකාවට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අවසාන වාර්තාවෙන් ද බලහත්කාරයෙන් කෙරෙන අත්අඩංගුවට ගැනීම්ල වදහිංසා පැමිණවීම යනාදිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කරන්නැයි යෝජනා ඉදිරිපත් ව තිබිණි.
ඡායාරූප - ඒ එෆ් පී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බැඳුම්කර හොරු අල්ලන්නත් ජිනීවා වලින් එනවානම් කොච්චර හොඳද??
ඔය අත්අඩංගුවට ගත්තු දේශපාලඥයො කරලා තියෙන හොරකම් වංචා දුෂණ ගැනත් ආපු අයට සාක්ෂි සහිතව කියලා දුන්නානම් එයාලගෙ වාර්ථාව හදනකොටඒවත් ඇතුළත් කරයි. කරන්න තියෙන තරම් දූෂන කරලා කතා කරන්නේ බබාලා වගේ......
මහින්ද මහත්තයෝ ඔන්න දැන් ඔය ඔයාගේ කස්ටිය එක්ක ගොහින් චෝදනාවක් ඉදිරිපත් කරන්න,