රංජන් කස්තුරි
මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට අනුයුක්තර කර එම ගැටළුවට විසඳුමක් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ සයිටම් දෙමාපිය සංගමය ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවක් කර තිබේ.
පූර්වාදර්ශයක් නොවන පරිදි විශේෂ විධිවිධාන යටතේ එම සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට යොමු කිරීම ප්රශ්නය විසඳිය හැකි කඩිනම් ක්‍රියාමාර්ගය බව ද එහම ලිපියෙහි සඳහන්වේ.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි සහ සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය පීඨ වලට සිසුන් බඳවා ගන්නා ක්‍රම පටිපාටියක් තියෙනවා. අත්තනෝමතිකව අරින ලද ආයතනයක් වසා දමන විට එයට අත්තනෝමතිකව බඳවා ගත්ත සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයට අනුගත කරන්න යෝජනා කරන එකත් විහිළුවක්. නැති ප්‍රශ්න ඇති කරලා මේ රට තවත් විනාශ කරන්න එපා.
උපවාස කරලා ගුටි කාල අන්තිමේදී ධනපතියන්ගේ සුදුසුකම් අඩු දරුවන්න්ට නොමිලේ දොස්තර වෙන්න පාර කපනවා .80 ගන්නවල රාගම NCMC වලට වුනෙත් ඕක තමා
ආපහු හොද්දට ලුනුදාන්න වගේ හදන්නේ. ජනාධිපතිතුමෝ සුපශාස්ත්‍ර වෙදියෙක්ව පත්කරලා තියෙන්නේ හොද්ද හදන්න. කුස්සියේ ඉන්න හැමෝම ලුණු නොදැම්මට කමක් නැහැ.නිකන් ලකුනු දාගන්න කහිනවා මෙයාලා.
ඔව්, එතකොට ඒ අයටත් ඉගෙනීම පසෙක තබා පාරවල් ගානේ ඇවිදිමින් රස්තියාදු විය හැකියි.
එතකොට ඒ අයගේ දරුවන්ට ඉගෙන ගන්න සල්ලි ගෙවන්න ඕනත් මේ රටේ අසරණ ජනතාවද? ගැමුණු මහත්තය හිතනවා ඇති, ප්‍රයිවට් බස් වල යන මගියෝ ලංගමටත් නංවා ගන්නවා වගේ මේ වැඩෙත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අපේ රටේ මෝඩයෝ නම් මේ වගේ දේවල් වලට එකපයින් එකඟ වෙනවා. මොකද, ඒ අය හිතන්නේ රජයේ කියන්නේ රටේ පාලකයින්ගේ සාක්කුවෙන් වියදම් කරන සල්ලි කියලනේ. අනික ඉතින් දරුවන්ව වැදගත් වෛද්‍යවරයෙක් කරන්න ඕනා නම් පිටරටකට යවලා උගන්වලා ඒ රටවල ඉන්න මිනිස්සුන්ට සේවය කරන්න සලස්වන්න. මොකද, මේ රටේ ඉන්න බහුතරයක් අමු තිරිසන්නුනේ. තොවිලයක් නටවලා ලෙඩ සනීප කරන්න පුළුවන් එවුන් තමයි මෙහෙ ඉන්නේ.
එහෙම ඉතින් ඔක්කොම සුදුසු කම් ඇති වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට අරගන්නවානම් පුද්ගලික විශ්ව විද්‍යාල මොකටද?
ඉතා හොද තීරණයක්. සුදුසුකම් සපුරා ඇති සියලුම සිසුන්ට ඒ අවස්ථාව ලබා දීමෙන් සිසුන්ට අසාධාරනයක් වෙන්නෙත් නැහැ. වෛද්‍ය විද්‍යාල වල සිසුන්ට අසාධාරනයක් වෙන්නෙත් නැහැ.මේකෙන් අවශ්‍ය කරන සුදුසුකම් නැතුව සල්ලි වලින් විතරක් දොස්තරල වෙන්න හදන හොරුන්ගෙන් රටේ මහජනතාවත් බේරෙනව.
ඔක්කොටම පිස්සු
වහාම කලයුතු වැඩක්.
මෙම විද්‍යාලය අහෝසි කරලා රට අවුරුදු ගණනක් පස්සට ගියා. පුළුවන් අය දැන් තමන්ගේ දරුවන් රට යවල උගන්න ගනී. පසුව එම රට යන අය හොදට ඉගෙන ගත්තම එම රටීන්ම නවතින්න දෙනවා. ලංකාවට පාඩුවක්. අපගේ උසස්පෙළ තරග විභාගයෙන් තෝරාගන්න ක්‍රමය හරි නැහැ. සමහරවිට දක්ෂයෝ පසුබහිනවා. පාඩම් කරන්න පුළුවන් ළමා අය දිනනවා. නමුත් උසස් පෙළ පැරදිලා ලෝකේ ජයගන්න ගොඩක් අය වෙන රටවලට ගිහින් ඉගෙනගෙන ඒමේ රටවලට වැඩ කරනවා.
බන කතා කොරනවද? මුදල් බලෙන් හොර පාරෙන් දොස්තරලා වෙන්න ගිය ඔය ගොල්ලන්ට වඩා ඇතුලත් වීමේ සුදුසුකම් තිබුන ළමයි තව ගොඩක් එළියේ ඇති! පලාතට වත් ගන්න එපා!
ඔය ළමයින්ට ප්‍රයිවට් බස් එකක් හෝ ත්‍රී වීලර් කීපයක් අරගෙන දෙන්න. ඒක තමයි අපේ රටට ගැලපෙන රස්සාව. වියදම් කරලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරලා පිළිවෙලකට ජීවත් වෙන්න ඕනා නම්, පිටරටකට යන්න. ලංකාවේ මුදලට පෙරේත කුජීත දොස්තරලට වඩා, පිටරට කම්කරුවෝ, පය අටේ රස්සාව කරලා සැපට ජීවත් වෙනවා.
ඒ අයට සුදුසුකම් තිබේ නම් මෙම ජාතික අර්බුධයට හොඳ විසදුමක් වශයෙන් මෙය සුදුසුයි. ඒ ගැන දෙවරක් සිතන්න දෙයක් නැහැ. නමුත් නුසුදුසු අයට නම් මෙයින් සහන ලැබෙන්න ඉඩ දෙන්න සුදුසු නෑ.
සයිටම් ආයතනය හොඳ නැත්නම් කොහොමද එම ආයතනයෙන් ඉගෙනගත්තු ළමයින් හොඳ වෙන්නේ. මෝඩයින්ව අන්දවන, මෝඩ වැඩ තමයි ලංකාවේ අයට හරි යන්නේ. අනුකම්පාවට වෛද්‍ය උපාධිය පිරිනමන්න හදන ලෝකේ තියන එකම රට? කොහොමත් වර්තමානයේ ලංකාවේ ඔය මොකෙන් ඉගෙනගත්තත්, බිහිවෙන්නේ නියම කොන්දොස්තරයෙක් තමයි.
බස් මුදලාලි බංකොළොත්වෙලා. බස් එක ෆිනෑන්ස් එකෙන් ගත්තාම රියදුරුටයි, කොන්දොස්තරටයි ලංගමේ ජොබ් දෙමු නේද?