(අමල් වික්‍රමරත්න)
රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවෝ රැසක් අද(6) දහවල් කෑම පැයේදී ගාල්ල බස් නැවතුම්පොළ අසල විරෝධතාවයක නිරත වූහ.
ලංකා, මහජන, ජාතික ඉතිරිකිරීමේ, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා ඇතුළු බැංකු රැසක සේවක සේවිකාවෝ ඊට එක්වූහ.
ලංකා බැංකුව ,මහජන බැංකුව සහ රක්ෂණ සංස්ථාවේ කොටස් සීයට 10ක කොටස් විකිණීමට එරෙහිව සහ රාජ්‍ය මුල්‍ය ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ,ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලංකා බැංකු සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමදේම විකුණන් කනවා වගේ ආණ්ඩුව.
රාජ්‍ය සේවකයින්ට තමන්ගේ වැටුප, පුද්ගලික අංශයේ බැංකු වලින් කඩිනම්ව ගන්න හදා ගත්ත දවසට මේ රජයේ බැංකු වහන්න වෙනවා. මොකද මේවයේ ගිණුම් පවත්ව ගන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. සේවාව අන්තිමයි. අයිතිවාසිකම් ඉල්ලලා පිකට් කෙරිල්ල යහපත් සේවාවක් පවත්වගන්නත් කරා නම් හරි.
මේ සේවකයන් මෙහෙම උද්ඝෝෂණය කළාට මේ අදාල බැංකුවකට වැඩක් කරගන්න ගියාම බලන්න එපැයි මේ ගොල්ලන්ගේ ලොකුකම්. මගේ අත්දැකීමෙන් කියන්නේ. රජයෙන් පඩි ලැබෙන හන්දා ගනුදෙනු කරුවන්ට නිසි සැලකීමක් මේ බැංකුවලින් ලැබෙන්නේ නැහැ.
හිමාල් මහත්මයගේ පන්තිය ඔහොම කිව්වට ඔබගේ දුප්පත් නෑයෙක් යවල බලන්න. ඔය කියන පුද්ගලික බැංකුවකට ණය මුදලක් ඉල්ලන්න. දෙනවද බලන්න හැබැයි සල්ලි නම් තැන්පත් කර ගනියි. කාඩ් දේවි, තෑගි දේවි... ඒ වුණාට ණය ඉල්ලන කොට මාස 06 ක පේ ෂීට්. ස්ථීර අදායම් මාර්ග ඉල්ලාවි... අදත් දුප්පතුන්ගේ සහනාධාර දෙන්නේ ඔය බැංකු හරහා පොත්තේ පෙනුමට රැවටෙන මිනිස්සුත් එහෙම හිතනවා. නමුත් රාජ්‍ය බැංකු වහපුදාට තේරේවි. රාජ්‍ය බැංකු බදු වශයෙන් එකතු කරලා දෙන මුදල් කොපමණද දන්නවද? එ්වගේ බදු ගෙවාවිද ඔය කියන පෞද්ගලික අංශය? රජය, රාජ්‍ය බැංකු වලට මොනවද දීලා තියෙන්නේ? මහබැංකුව දෙන ප්‍රතිමූල්‍ය පවා ඔය කියන පෞද්ගලික අංශය නිසි විදියට මහජනතාවට දෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුවල පැය අට මදි වැඩකරන්න. ඒ අයගේ බදුවලින් තමයි පැය අට ගෙවා ගන්න බැරි (සමහර) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත්...