ක.ග කරුණාරත්න
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරමක් වැටලීම සඳහා ගිය වන ජීවී නිලධාරී කණ්ඩායමක් සහ ඔවුන් ගිය වාහනය අද (10) වනතෙක්ම එම දැව ජාවාරම්කරුවන් මහා වනමැද කොටු කරගෙන සිටිබව වනජීවි නිලධාරීහු කියති.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවන කොටසට අයත් පෙරියආරුවට නුදුරු අලිඅඩිඕඩේ, මංතලාව ප්‍රදේශයේ පිහිටි විශාල ප්‍රමාණයේ මී ගස් සහ පලු ගස් කපමින් සිටි බව කියන දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් එම ස්ථානයටයට පැමිණි විට පලා ගොස් ඇත.
වනජීවී නිලධාරීන් යාන්ත්‍රික කියත් දෙකක් ඒවාට යොදන ඉන්ධන ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
එම විශාල දැව කඳන් එම අවස්ථාවේ රැගෙන ඒමට පහසුකම් නොතිබූ නිසා නැවත පසුදා ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙන් පොළොන්නරුවේ පිහිටි වනජීවී කාර්යාලය වෙත පැමිණෙන විට මාර්ගය හරහා විශාල ගස් කපා දමා අවහිර කර තිබූ බව එම නිලධාරීහු කීහ.
පැය 05 ක පමණ කාලයකට පසු කැලෑවෙන් පිටතට පැමිණි බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා STF එක යොදාගත්තොත් මේ කැලෑපාලුවන්ව නවත්තන්න පුළුවන් වෙයි
යුද්ධයක් නැති හමුදාවක් ඉන්නවා නේද? හමුදාවේ මහත්තුරු වනයට වනසතුන්ට ආදරය කරන අය. අමුතුවෙන් ගෙවීමක් නොකර ඔය වැඩේ කරාවි. ජනාධිපතිතුමා නරකද හමුදාව දැම්මොත්.