(ඉන්දිකා රාමනායක)
මෝදර ජෝන්වත්තට හැරෙන හංදියේ මළගෙදරක සිටි පුද්ගලයකුට අද (8) අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මෝදර කදිරානේ පදිංචි අජිත් කුමාර (42) නැමැති මාළු ව්‍යාපාරිකයෙකි.
මොහු අද අලුයම 2ට පමණ තවත් පිරිසක් සමග මළගෙදර සිටියදී ති‍්‍රරෝද රථයකින් පැමිණ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක් මත සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් වෙඩි තැබු සැකකරු හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd