හර්ෂණ තුෂාර සිල්වා
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්සන් කළේය.
හෙට උදෑසන සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට යැවූ බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාන්තම්.. ජනාධිපතුමාට අපේ ස්තුතිය ... ජනතාවගේ දුක ගැන බලා ..., ගත්තු තීරණයට...
සෑම ජනතාවටම අවැසි සේවාවක්ම අත්‍යාවශ්‍ය කර මේ රටේ වෙන විගඩම නතරකරන්න. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි කරා වගේ.... මාෂල් ලෝ එක දාලා රට පාලනය කරන්න.
සෙල්ලම් නැහැ. මම හිතන්නේ රජයක් සාමාන්‍ය සහ බහුතර ජනතාවගේ සුභ සිද්ධිය බලන ඇති දුර්ලභ අවස්ථාවක්. බලමු කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. හොඳ පියවරක්...
ඔය ගමන්ම පාර්ලිමේන්තුව අනවශ්‍ය සේවාවක් කියලත් ගැසට් එකක් ගැහුවානම් හොඳයි.
වෙද, දුම්රිය, තෙල් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය සේවා කල යුතුයි. ඔය තුනේම ඉන්නේ අහිංසක මිනිස්සු ගැන හිතන්නේ නැති කඩාකප්පල් කාරයෝ තමයි.
හරියට හරි ඕක තමා කරන්න ඕනේ...
මේ දුෂ්කර තත්වයෙන් රට බේරා ගත්තට ඔබතුමාට අපගේ ගරුත්වය සහ ස්තුතිය.
අන්න ඔහොමනේ වැඩ කරන්න ඕනේ....
අන්න ඒ විදියට තමයි ඉන්න ඕනේ... කොහොමත් නිදහස උපරිමයටම ගන්න හියාම ඔය වගේ දේවල් වෙනවා.
වැඩකරන ජනතාවට මෙන්ම එදිනෙදා සිය වැඩ කටයුතු සඳහා දුම්රිය යොදාගන්නා මගීන්ට හැකි උපරිමයෙන්ම හිරිහැර කරදර කිරීම සඳහා දියත් කරන ලද මේ දුම්රිය වැඩ වර්ජිතයිනට රජය දුන් පිළිතුර නම් අගය කල යුතු වෙනවා! මේ රජයේ කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් අල්ලාගෙන රජය පෙරලීමේ හෝ අපහසුතාවයකට පත්කිරීම සඳහා සමහර දේශපාලකයන් විසින් උසිගන්වා වර්ජනයට එකතු කරගත් හැම සේවකයෙක්ම නීතියට හිස නමා ආපසු වැඩට පැමිණීම දුම්රිය මගීන්ගේ සතුටට හේතුවෙනවා නොඅනුමානයි !
අපි මෙච්චර කල් හිතා ගෙන හිටියේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කියලයි ..
අති විශිෂ්ටයි ජනපතිතුමනි, කවදාවත් මේ රට හදන්න බැහැ නැත්නම්...
මොකද මේකම කරන්න බැරි වුනේ දොස්තරලා වර්ජනය කරන කොට?
මෙතෙක් කල් මේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් නොවේද ?
මේවා කලින් කරන්න තිබුන දේවල් ඇතැම් දේශපාලන වාසි තකා නොකර හිටියා. ජනතාව පීඩාවට පත්වෙලා වෙන්න වුන දේවල් වුනාට පස්සේ කරලා වැඩක් නැහැ.
මේ ගැටළු හැම එකක්ම පාලකයන්ගේ නොහැකියාව. මොන අාණ්ඩු අාවත් යන්න එකම විදියට. මේ ගැටළු උසාවි නියෝග, ගැසට් නිවේදන, මැර බලය යොදා වැහුවත් ගැටළුවේ නිමක් නෑ.මේ රට දැන් වඳ පීදිලා තියෙන්නේ මේක මුලින්ම උදුරලා දැමිය යුතුයි. මේ විදියට තවදුරටත් ගොඩ එ්මක් නෑ. දැන් පතුලටම එරිලා තියෙන්නේ.
රටේ හැම තැනම අවුල් ජාලයක්. මේ යන විදියටනම් කවුරු අාවත් මේ රට ගොඩ ගන්න බෑ. මේ ක්‍රමය හොඳයි පාලකයින්ට ගොඩ යන්න. රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි. තව දුරටත් අපි වලපල්ලට වැටෙනවද කියන එක. පාරවල් වලින් ගොඩනැගිලි වලින් රටක සංවර්ධනය මනින්න බෑ. අය වැය පරතරය. ආනයන අපනයන පරතරය, විදේශ සංචිත.මේවයි වැදගත්. පාරවල් තිබුනට ණය වාරික ගෙවන්න රටේ අාදායම මදිනම්. නිෂ්පාදන නැත්නම් එ්ක මොන සංවර්ධනයක්ද? එතනින් සංවර්ධන වන්නේ පාලකයෝ පමණයි. විප්ලවීය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක්, ජාතික අභිලාෂයක් අවශ්‍යයි මේකෙන් ගොඩ එන්න. එහෙම නැතුව කවුරු අාවත් වෙන්නේ මේ ටිකම තමා.
ඇත්තටම හොද වැඩක් පොදු මහජනතාව වෙනුවෙන් ගනිපු හොද තීරණයක් නමුත් දුම්රිය රැකියාවේ නියුත අයගේ ඉල්ලිම් සාධාරණ ඉල්ලිම් වලට රජය හොදින් කටයුතු කල යුතුයි
එතකොට වෛද්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවයක් නොවේද ? හැමදාම වර්ජනය කර කර ඉන්න.
වෙලාවට කෝච්චි මෙතෙක් කාලයක් දිව්වා නම් ඉතින් ඕක කවදත් අත්‍යවශ්‍ය සේවාවක් නේද? අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ... සේවකයන් සමග කතා බස් කරලා, ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා නාස්තිය, දුෂණය නැති කරලා දුම්රිය සේවය රටට වැඩදායි සේවයක් බවට පත් කරන්න. රටේ ජනතාවගේ ඉල්ලීම එ්කයි. අමතක කරන්න එපා... සුනාමි ව්‍යවසනයෙන් පස්සේ රටේ විනාශ වූ දුම්රිය මාර්ග යථා තත්වයට පත් කරලා ජනතාවට විශිෂ්ට සේවයක් සැලසුවේ ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේම සේවකයින් කියලා. මම නම් දුම්රිය සේවයට කොහෙත්ම සම්බන්ධ නැති රටවැසියෙක්.
ඊට පස්සේ මොකද වෙන්නේ?
ඉතාමත් හොඳ තීරණයක්. වෘත්තිය අයිතිවාසිකම් තිබිය යුතුයි. එ්ත් මහජනතාව ප්‍රාණ ඇපයට තියලා කරන මේ විගඩම් නිසා මහජනතාව නීතිය අතට ගනී. මේවා නිසා අසරණ වෙන්නේ සාමාන්‍ය මිනිසුන් මිසක් පාලකයන් නොවේ. අසාධාරණ වැඩවර්ජන හේතුවෙන් එදිනෙදා ජනජීවිතය අවුල් වෙනවා නම් ජේ.ආර්. මහත්තයා ගත්තා වගේ කොන්ද පනතියන තීරණයක් ගන්න ඕනේ. රටේ විනයක් ඇතිකිරීම පාලකයන්ගේ යුතුකමක්.
හොඳ තීරණයක්. රජයේ ආයතන තියෙන්නේ මහජනතාව වෙනුවෙන්. නමුත් රජයේ සේවකයෝ හිතන්නේ ඒවා තියෙන්නේ සේවකයෝ වෙනුවෙන් කියලයි. ලෝකයේ අනිත් රටවල් සමග සැසඳුවාම ලංකාවේ දුම්රිය සේවය අන්තිමයි. මේවා පාලනය කරන දේශපාලකයොත් මේවට වග කියන්න ඕනේ....
පට්ට... අන්න මොලේ ඇති වැඩක් කළා. ඔය වගේම හෙද සේවය, දොස්තර සේවයත් අත්‍යවශ්‍ය සේවා කලා නම් කිසිම කරදරයක් නෑ. හැමෝම සතුටු වෙයි.
හමුදාවේ අනු ඛණ්ඩයකට, සියලු දුම්රිය කටයුතු පුහුණු කරන්න. ඉන්පසු ඔවුන්ව අත්‍යාවශ්‍ය ධාවන කටයුතු වලට යොදවා වර්ජකයින්ව දිගු කලක් පඩි නොදී ගෙවල් වලට කොටුකර තබන්න.
දුම්රිය, වරාය, ඛනිජතෙල්, සෞඛ්‍යය, විදුලිය... මේවායේ වැඩ කරන්න හැමදාම වර්ජනය කරකර පඩි වැඩිකර ගන්නවා. මේවායේ කම්කරුවෙක් අඩුමගානේ 60000ක් විතර පඩි ගන්නවා. මෙහෙම වර්ජනය කරන අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ. මම විද්‍යාෙව්දී උපාධියක් තියෙන රජයේ ගුරුවරයෙක්. මගේ වැටුප මාසෙටම 36274ක්. පුදුම රටක් මේක...
ඉතාමත්ම හොඳ තීරණයක්. සේවකයන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාගැනීමට සටන් කිරීම් කිසිදු වැරද්දක් නොමැත. එය එසේ වියයුතු වන අතර තමන්ගෙන් ලැබිය යුතු සේවයත් නිසි ලෙස කල යුතුය. තවද රජයක් හැටියට තමන්ගේ සේවකයන්ගේ ගැටළු පිළිබඳව සාධාරණ විය යුතුය. මෙලෙසම අපි සියල්ලෝම යෝජනා කරමු දියවන්නඔය නාඩගම් මඩුවට කලට වෙලාවට වැඩට නොඑන නළු නිළියන්ටත් මේ න්‍යායම භාවිතා කරන ලෙස.
මේ වර්ජනය කරන කාලකන්නි ටික පන්නලා දාල අලුතෙන් සේවකයන් බඳවා ගන්න .....
අපි මාසයක් බස් එකේ යන්නම් මේ කාලකන්නි ගෙදර යවලා අලුතෙන් බඳවා ගැනීම් කරන්න...