(විනීතා එම්. ගමගේ)
මාස හතක් තුළ නීති විරෝධී මත්පැන් නඩු 16 ක පැටළුණු හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරයකුට යළි අපේක්ෂකත්වය දී ඇති බැවින් එය වළක්වන්නැයි ඉල්ලමින් ගම්වැසියන් පිරිසක් මාර්තු 12 ව්‍යාපාරයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
ගම් වැසියන් පිරිසක් සමඟ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් ගමේ පොලිසියෙන් මෙම පුද්ගලයාට පවරා ඇති නඩු පිළිබඳ විස්තරයක් ද රැගෙන විත් තිබු බවත් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරුවෙකු වන පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
අදාල දේශපාලඥයාට පමණක් නොව ඔහුගේ බිරිඳට, දරුවන්ට පවා හොර මත්පැන් ජාවාරම් පිළිබඳ නඩු ඇති බව පොලිසියෙන් ලබාදී ඇති ලේඛනයේ සඳහන් වන බවත්, පස් ජාවාරම්, ලී ජාවාරම් පිළිබඳවද මෙම තැනැත්තාට චෝදනා ඇති බවත් එහි සඳහන් වන්නේ යැයි ද හෙට්ටිආරච්චි මහතා කීවේය.
දූෂිත දේශපාලනඥයින්ට මෙවර අපේක්ෂකත්වය දෙන්නට එපා යැයි පුන පුනා පවසද්දී මෙම හිටපු සභාපතිවරයාට මෙවරත් අපේක්ෂකත්වය දීමට අදාල පක්ෂය කටයුතු කර ඇති බවත් එම පක්ෂයේ ආධාරකරුවන් වන තමන්ට මේ හේතුවෙන් අකමැත්තෙන් වුවද එම දුෂිත පුද්ගලයාට ඡන්දය දෙන්නට වන බැවින් එකී අපේක්ෂකත්වය වළක්වන්නැයි ඉල්ලා සිටින බවත් ඔවුහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මක් කරන්නද? ඡන්ද දායකයින් අතර මේ වගේ අය නේද හොඳටම මාර්කට්..? ඉහලින්ම දිනන අය..
මෙහි ඇති වරද කුමක්ද? මේ උන්දැ " දේශපාලකයෙක් " වීමේ උපරිම සුදුසුකම් සපුරා ඇති බැවින් මේ අයට එසේ බූරුවන් තේරීමේ තරගයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැත. තවද අපගේ මව්බස හොඳින් හැසිරවීමට හැකි, ලක්මවට ආදරය කරන සියලුම ලක් මවගේ දූදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අප රටේ දේශපාලඥයන් නොමැති බැවින් "දේශපාලනඥයා" යන වැදගත් වූ වචනයට නිගරු නොකරන මෙන්ද ඉල්ලා සිටිමි. දේශපාලනඥයා යනු තම උපන් මවුබිමේ දියුණුව වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් ඥනාන්විත ලෙස තීන්දු තීරණ ගන්නා "මහත්මා ගතිගුණ " ඇති සහ ලාභ ප්රයෝජනයන් ගැන නොසිතා "ගරු සේවයක්" කරන උතුම් වූ මනුස්සයකුටය.
මගේ අදහස් එලෙසම පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මහජනයාගේ යුතුකම මෙවැනි අයට ඡන්දය දීමෙන් වැළකී සිටීමයි. නැතිනම්, මෙවැනි අය ඉදිරිපත් වන ඡන්ද වර්ජනය කිරීමයි.
ඉතාමත් සුදුසුයි කෙළින්ම දියවන්නාවට යන්න ඉල්ලන එක. හොඳම සුදුසුකම් සපුරා ඇති ප්‍රවීන දේශපාලකයෙක්...
ඇත්ත වශයෙන්ම ඔහු එබඳු පුද්ගලයෙක් නම් ඔහුට නාම යෝජනා ලබා දුන් නායකයා ඊටත් වඩා ජන හතුරෙක් විය හැකිය. පක්ෂය කුමක් වුවත් ජන හතුරන්ට ඡන්දය දීමෙන් වලකින්න! ඔක්කොම හොරු වගෙයි මට නම් පෙනෙන්නේ. ඔවුන්ට ඡන්දය දීම අනාගත පරපුරට කරන හතුරුකමකි !
ඒ වුණාට මෙයාට දේශපාලනය කරන්න ආවාම සුදුසුකම් තියෙනවනේ...
මේ පුවතත් හරියට අර මියගිය අයගේ නම නොමැතිව මරණ දැන්වීමක් පලකලා කියන පුවත වගෙයි.. මේ පුවතෙත් මේ දේශපාලකයා අඩුම වශයෙන් මොන පළාතෙන්ද කියාවත් සඳහන් කරන්න තිබුණා. පක්ෂය සඳහන් කරන්න අකමැති නම්..
දේශපාලනඥයා යනු තම උපන් මවුබිමේ දියුණුව වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් ඥනාන්විත ලෙස තීන්දු තීරණ ගන්නා "මහත්මා ගතිගුණ " ඇති සහ ලාභ ප්රයෝජනයන් ගැන නොසිතා "ගරු සේවයක්" කරන උතුම් වූ මනුස්සයකුටය. අනේ මහත්තයෝ ඔය කියන අය දැන් මොන ලෝකෙද ඉන්නේ අපට එකෙක් ගෙන්න ගන්න. එස් ඩබ්ලිව් ආර් ඩී සහ සිරිමාවෝ බණ්ඩාරනායක කියන උත්තමයන්ගෙන් පසු මේ භූමියට ඔය කියන "දේශපාලනඥයා" කියන වැදගතා පහල වෙලා නැත.
දැනට සිටින ලේකම් වරුන්ගෙන් වැඩකරගන්නවානම් හොඳටම ඇති.
මොහුට දේශපාලනය කරන්න හොඳටම සුදුසුකම් තියනවා. මොහුට කෙසේ හෝ මත්වතුර බලපත්‍රය දියයුතුයි. එතකොට තවත් හොඳට දැනට යෙදෙන වෘත්තිය කරයි. නව මත්වතුර නිෂ්පාදන සොයාගන්නත් කටයුතු කරයි. දැනට ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ වැඩිහරියක් ඉන්නේ මේ වගේ අය තමයි. ඕනෑම වෘත්තියකට අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අවශ්‍යයි. එ්ත් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට එය අනවශ්‍යයි. උගත් වැදගත් අයට ඡන්ද ගන්න වියදම් කරන්න සල්ලි නැති නිසා ඔහු දිනෙක පාර්ලිමේන්තු එනවාමයි... ඒකේ දෙකක් නෑ.
තමන් යම් පුද්ගලයෙකුට හෝ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිපත්ති වලට අකමැති නම්, පක්ෂය කුමක් වුවත් මෙවැනි ප්‍රාදේශීය ඡන්දයකදී, වෙනත් සුදුසු කෙනෙකුට ඡන්දේ දෙන එක තමයි සුදුසුම දේ. ඒ වගේම චෝදනා තිබ්බ පමණින් වැරදිකරුවෙක් වෙන්නේ නෑ.
අපේක්ෂකත්වය දෙන පක්ෂය කියන්න. එමගින් පක්ෂ නායකින්ට බලපැමක් වෙනවා. එවිට මේවා පාලනය වෙනවා