(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (12) අවසර දුන්නේය.
ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලෝකයේ විවිධ රටවල සිටින බෞද්ධයින්ගෙන් ආරාධනා ලැබී ඇති හෙයින් ඒ සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි උන්වහන්සේගේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ලබන ජනවාරී මස 18 වැනිදා තෙක් විදේශගත වීමට මෙලෙස අවසර දුන්නේය.
ඒ අනුව අද සිට (12) ලබන ජනවාරී 18 වැනිදා තෙක් ඇමරිකාව, තායිලන්තය ඇතුළු රටවලට ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩම කිරීමට විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවසර දුන්නේය.
පොදු දේපළක් වන අලි පැටවා නිසි බලප‍්‍රත‍්‍රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතීපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝෂමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙලෙස අවසර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගියාට නම් කමක් නැහැ ... අපහු නෑවිදින් හිටියනම් තමයි හොඳ ..
පරිස්සමින් ආපසු ලංකාවට වඩින්න හාමුදුරුවනේ. ඔබවහන්සේ ශ්රී ලාංකික පුරවැසියෙක් නේ.
ඔබ වහන්සේ සුවපත් වේවා. සියලු දනන්ගේ සිත් සුවපත් කරන ඔබ වහන්සේගේ මේ අවනඩුව ඉක්මනින් අවසන් වේවා
තවත් ඇතින්නියක් මරාදාලා... අලිපැටියා අතුරුදහන් වෙලා අපේ හාමුදුරුවනේ..!!