(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (11) නියම කළේය.
වසර 6 කාලයක් තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 7 1/2කට ආසන්න අල්ලස් මඟින් උපයාගත් මුදල් හා දේපළවල හිමිකරුවක සිටින ලදැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ලබන ජනවාරි 11 වැනි දාට ප්‍රථම අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස ලේඛාධිකාරීවරයාට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දේශප්‍රේමියෙක්. මෙයා අල්ලස් ගන්නේ නෑ. දුක් මහන්සියෙන් අම්බකරපු සල්ලි... ඕවා බොරු චෝදනා තමයි.
හෙනහුරු එ්රාෂ්ටකේ පල දෙන්න යනවා වගෙයි. පක්ෂේත් දියාරු වෙලා හෝදා පාලුවට ගිහින් නේද? හිතන්න නැතුව ඇති. ඒ වුණත් ඔහොම වෙන බවත් විය යුතු බවත් අපි නම් දැනගන හිටියා! දැන් ඉතින් තවත් උපවාසයක් වත් කරන්න.
ඡන්දෙට කලින් කාට කාට මොන මොන චෝදනා එල්ල වෙයිද?
ජාතික නිදහස් පෙරමුණ නම් තියෙනවා....... ජාතියේම මුදල් කොල්ලකන් එකද ජාතික නිදහස...........
ඕකනේ කියන්නෙ.. හැබැයි කිව්වෙනම් ජාතියේ පංචායුධය කියලනෙ.
ඔය කොච්චර දැගලුවත් දඩය රු. 1000 යි. ඔය මිනිස්සු දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. හැමදාම පරදින්නේ මහජනතාව.