සිරාජ් හසීම්
ගතවූ මාස 11ක කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ආසාදිතයින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ.
ඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින් 31දෙනා අතරින් 26 දෙනෙකු කොලඹ සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රතිකාර ලබති.
මෙම රෝගී තත්වයෙන් සමාජය ආරක්ෂා කර ගැනීම සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල 14 තුළ ප්‍රාදේශීය මට්ටමින් ඒඩ්ස් මර්ධන වැඩපිළිවෙලක් ආරම්බ කර තිබෙන බව මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
මෙම වැඩසටහනට අනුව මෙම සීමාවන්ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි හදුනාගැනීම සඳහා වෛද්‍ය හා රුධිර පරීක්ෂාවන්ට ලක් කරන බවත් මෙම ඒකකය කියා සිටීයි.
ගතවූ මාස 11ක කාලයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 12000කුත් , මඩකලපුව බන්ධනාගාරයේ රැදවියන් 2400කුත්, මඩකලපුව රෝහලට පැමිණ 3600කුත්, ග්‍රාමීය මට්ටමෙන් පුද්ගලයින් 6000කුත් එච්.අයි.වී පරීක්ෂාවන්ට ලක්කල බවත් රෝගය වැළදුනු 31දෙනෙකු මේ අනුව හදුනාගත් බවත් එම ඒකකය පවසයි.
එච්.අයි.වී ආසාධිතයෙකුට ප්‍රතිකාර ලබාදීම තුළින් තවත් අයෙකුට මෙම රෝගය වැළදීමෙන් බේරාගත හැකි බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමානුකුලව බෙහෙත් භාවිතා කලොත් මෙය තවදුරටත් භයානක ලෙඩක් නොවේ. අසාදිතයාගෙන් තව කෙනෙකුට බෝවීමද නූතන බෙහෙත් වලින් වළකිනවා. ලිංගික අධ්‍යාපනය පාසල්වල උගන්වන්න.
රට පුරා එච්.අයි.වී ආසාදිතයන්..... මීලග බිල්ල ඔබ පවුලේ අයෙකු විය හැක. විවාහයට පෙර කේන්දර පොරොන්දම් බලනවා වෙනුවට රුධිර පරික්ෂාවක් සිදුකර විවාහය සිදුකරන්න.
සියලුම ජංගම දුරකතන, ජාල අන්තර්ජාලයේ අසභ්‍ය චිත්‍රපටි බ්ලොක් කල යුතුය. මුදල් ඉපැයීමට එසේ නොකරන ආයතනවල බලපත්‍ර තහනම් කළ යුතුයි.
මේවාට එන්නතක්වත් හඳුනාගෙන මර්ධනය කළ යුතුයි. නැතිනම් සමාජය පමණක් නොව රටම ඉවරයි.