(කාංචන කුමාර ආරියදාස)
මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති.
බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස මේ වන විට මෙසිරිලක ස්ථාපිත වී තිබියදීත් වර්තමානයේ භික්ෂුණීන් වහන්සේලා පිළි නොගන්නේ බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයින් කණ්ඩායමක් බවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ළගදීම රජය භික්ෂුණීන් වහන්සේලා පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සුමංගල නා හිමියෝ පවසති.
මහ නාහිමියන් මේ බව අවධාරණය කර සිටියේ අද(10) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණී පර්ශදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවය විශේෂ සමරු දේශනය පවත්වමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුණි ශාසනයක් ඇතිකරන්න උපසම්පදාව ලබාගත්තු භික්ෂුණි වහන්සේ කෙනෙක් ඉන්න ඕන. ලංකාවේ භික්ෂු ශාසනයත් වසර ගණනාවක් අභාවයට පත්වෙලයි තිබුනේ. එය නැවත ස්ථාපනය කෙරුවේ සියම් දේශයේ භික්ෂු ශාසනයේ අනුග්‍රාහකත්වයෙන්. එමනිසා භික්ෂුණි ශාසනයත් එයාකාරයෙන්ම කලහැකියි.
දැනට තියන භික්ෂු ශාසනයත් නොයෙක් ආකාරයට භේදභින්න වෙලා. දේශපාලනෙන් කුණුවෙලා. ඔද්දල් වෙලා. දුසිල් මහණුන් නෙරපීම සඳහා සාසන සුද්ධියක් අත්‍යාවශ්‍ය මේ අවධියෙහි, භික්ෂුණී ශාසනයක් ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. සිවුර පොරවාගන ගණන්කාර කම් පෙන්නන, බේබදුකම්, කුපාඩිකම් කරන අය ශාසනයෙන් යවන එකයි පළමුවෙන්ම කල යුතු වන්නේ. මේ හදන්නේ කාන්තාවනුත් මහණ කරලා පන්සලේම නතර කර ගන්න වෙන්නැති !
පන්සල්වල් ඉන්න ඇතැම් චීවරධාරින් තරම් පිරිසක් තවත් අපේ රටේ නැහැ. නොයෙකුත් දුරාචාර, මස්මාළු ආහාරයට ගැනීම, මත්ද්‍රව්‍ය පාවිච්චිකිරීම වැනි දේවල්... මේ තත්වයන් යටතේ භික්ෂුණී ශාසනය පටන් ගැනීමත් සුදුසු නොවේ.. අපි මේවා මෙතන ලියන්නේ අපිට මේ අයට විරුද්ධව හොඳ සාක්ෂි තියන නිසා. මේවා දැන්මම කතා බහ කරලා, අපි මේ අයගෙන් අපේ බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.
ධර්ම සංගායනාවක් කරලා අනවශ්‍ය පුද්ගලයින් ශාසනයෙන් අයින් කරන්න ඕනේ. මෙතන මහායාන දේවල් කරන්නද ලෑස්තිවෙලා ඉන්නේ?
සිවුර ඇඳගෙන බුදුන් වහන්සේ දේශනා කලායයි කියමින් තමන්ට ඕන ඒන දේවල් කියන රටට පතුරුවන, දේශපාලනය කරන, පන්සල් වල දේපළ වලට රණ්ඩු වෙන, යන්තර මන්තර ගුරුකම් කරන හාමුදුරුවරුන් ගැන විනය පරීක්ෂණ කරන, දඬුවම් දෙන, ශාසනයට නුසුදුසු නම් ඉන් නෙරපන ක්‍රමයක් අදටත් නැහැ.
අතුරුදන් වු භික්ෂුණි සසුන නැවත අැති කල හැක්කේ උත්තම සම්මා සම්බුදුවරයෙකුටම පමණි. කරුණාකර විනය පිටකය හදාරන්න. දැන් ක්‍රියාවට නැංවෙනුයේ මාරයාට යටත් මහායාන සංකල්ප බව පැහැදිලිය. මේ කෝසල සිහින සැබෑ වන කාලයයි. සතියෙන් විමසා බලන්න.
අද භික් ෂුණීන් වහසේලා ධර්මය පිළිපැදීම අතින් බොහෝ භික්ෂුන්ට වඩා හොදයි... තවමත් පිරිමියා මූලිකයා යන යල් පැන ගිය අදහස සමාජයේ තියෙන බව තමයි ඉස්මතු වෙන්නෙ.