(මහින්ද නිශ්ශංක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත.
අද(12) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.
මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 1750ක් යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
දෛනිකව ලංගම බස්රථ 5700ක් සේවයේ යොදවන අතර වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද පාසල් නිවාඩුව නිසා පාසල් සේවා බස් රථ 750ක් දුර ගමන් සේවා සඳහා ද යොදවනු ලැබ තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් සේවකයන් බඳවාගන්න තෙක්, දුම්රිය ගමනාගමනය හමුදාවට බාරදුන්නා නම් හොඳයි නේද?
දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අපොස සා.පෙළ දරුවන්ගේ විභාග කාලයේ කරන මෙවැනි වැඩ වර්ජන වෙනුවෙන් ආණ්ඩුව තදින් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. යහපාලනය ටිකකට පැත්තකින් තියලා දෙන්න ඕනේ මේවට....
අද දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.
අනිවාර්යයෙන්ම මේ හීනමානකාරයින්ට නිසි දඬුවම් දියයුතුයි. කාලයක් මෙයාලා පයිලට්ලා වෙන්න ඉල්ලුවා. හරිම කුහකයෝ පිරිසක්. ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් මෙයාලට පාඩමක් උගන්වන්න පාලකයන්ට පිටකොන්දක් ලැබේවා. මහජනතාවත් මේවගේ කුහකයන්ව සමාජයේදී පිළිකුලෙන් නෙරපන්න කටයුතු කලොත් මෙයාල නැට්ට පස්සේ ගහගෙන වැඩට ඒවි !!!
කතාවෙන් නැතුව මේ ටික ගෙදර යවලා ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න...
හමුදාව දමලා දුම්රිය දුවන්න පටන් ගන්න. මේ අයගේ කවුරුවත් ළමයි අපොස විභාගය කරන්නේ නැතුව වෙන්න ඇති....
වහාම දුම්රිය නිල නිවාස පරිහරණය කරන සියලුම වර්ජනය කරන සේවක පිරිස, නිල නිවාස වලින් ඉවත් කිරීමට කටයුතු කරනු !
මේ වර්ජන පිටුපස ඉතා ම්ලේච්ඡ දේශපාලන අතපෙවීම් තියෙනවා. බලයට කෑදරකමේ රට කඩාකප්පල් කරන මෙවැනි බලවේග පරාජය කල යුතුයි. මෙම දුම්රිය සේවකයින් ඉතා ඉහල වැටුප් ලබන අය බව හෙළි වී තිබෙනවා. පෞද්ගලික අංශයේ වැඩිදෙනෙක් ඉතා අඩු වැටුප් වලට භාණ්ඩ හා සේවා වෙළඳපොල පවත්වාගෙන යනවා. ඒ අයගේ ප්‍රශ්න විසඳන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. හැමදාම ආණ්ඩුවේ අනුග්‍රහය ලබන රජයේ සේවකයෝ හැමදාම වැඩ වර්ජන... එහෙම නැත්නම් අකුරට වැඩ... කොහොමත් රජයේ සේවකයෝ වැඩිදෙනෙක් වැඩ කරන්නේ නෑ.
අයියෝ මේ ආණ්ඩුවට පොදු ප්‍රවාහන සේවය වත් හරියට කරන යන්න බැරි හැටි
තාවකාලික විසඳුම් මගින් හෝ දුම්රිය සේවාව පවත්වාගෙන වර්ජකයින්ව වැඩි කාලයක් පඩි රහිතව ගෙවල් වලට කොටුකර තබන්න.
දැන්වත් ඉන්දියාවට ඇරලා හමුදාවේ අයව පුහුණු කෙරුවොත් ඊලඟ වර්ජනයට මුහුණදෙන්න පුළුවන් වෙයි.