(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදලක් ලබාගෙන (ආසන්න වශයෙන් රුපියල් 8,146,750) ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොතරැයිපත් මිලදී ගන්නන් නොව මෙම පිරිස් එක් රැයෙන් මිලියනපතියන් බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායවලින් එකක් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මේ අයුරින් ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක්‍රමවේදයක් යටතේ අති විශාල මුදල් කන්දරාවක් ලබාගෙන තිබේ.
ඔවුන් මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ පැයකටත් අඩු කාලයක් පවතින දිනුම් අදින අවස්ථාවේ නිරීක්ෂක මණ්ඩලයක සිටීම වෙනුවෙනි. මෙම දිනුම් ඇදීම් දෛනිකව රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අතර එහිදි දිනුම් ඇදීම් වෙනුවෙන් අත්සන් තබන නිරීක්ෂක මඬුල්ලේ තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂවරයකු අනිවාර්යෙන්ම සිටිය යුතු වේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී සභාපතිවරයා සහ අධ්යක්ෂවරුන් සිව්දෙනකු රුපියල් මිලියන 8.1ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් 8,146,750ක්) ලබාගෙන ඇත. එක් අධ්යක්ෂවරයකු අදාළ මුදල ප්‍රතික්ෂේප කර ඔහුට ලැබුණු එකම රුපියල් 100,000ක මුදල ජාතික ලොතරැයි මණ්ඩයේ නිවසක් නොමැති දරුවන් ද සිටින සේවකයකුට ලබා දී ඇත.
සම්පූර්ණ මුදල වෙන වෙනම සලකා බැලීමේදී සභාපතිවරයා මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් මිලියන 1.36ක් මුදලක් ලබාගෙන ඇති අතර ඒ කි‍්‍රයාකාරී අධ්යක්ෂවරයකු ලබාගෙන ඇති මුදල් රුපියල් මිලියන 2.3 (ආසන්න වශයෙන් 2,355,500) ඉක්මවා ගොස් තිබේ.
අනෙකුත් අධ්යක්ෂවරුන් තිදෙනා රුපියල් 1,407,250, රුපියල් 1,395,000 ක් සහ රුපියල් 1,629,000ක් ආදී වශයෙන් ලබාගෙන තිබේ. කළමනාකරුවන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය ලබාගෙන ඇති මුදල් කන්දරාව රුපියල් මිලියන 41 (ආසන්න වශයෙන් රුපියල් 41,711,250) කි.
මෙලෙස ලබාගෙන ඇති මුදල් පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ගේ ඇස්ගෙඩි උඩ යෑමක් හේතු වූ බව ද වාර්තා විය. ඇතැම් අවස්ථාවලදී ‘දිනුම් ඇදීම් දීමනා’ ලබාගෙන ඇත්තේ දෛනික දිනුම් ඇදීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සහ අදාළ ලේඛනවලට අත්සන් තැබීමෙන් පමණක් බව ද මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක්‍රමවේදයක් හඳුනාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙවැනි ‘දිනුම් ඇදීම් දීමනා’ ක්‍රමවේදයක් අනෙක් ලොතරැයිවලට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක කරන නොවන බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් හොරු රැලක්. පාර්ලිමේන්තුවට නොදෙවෙනි තැනක්. අදාල ලියකියවිලි වල අත්සන් කිරීමත් තමන්ගේ රස්සාවේම කොටසක්. පඩි ගෙවන්නේ ඒකට තමයි. අමුතුවෙන් දීමනා මොකටද?
සූදු පොලක එකතුවෙන සල්ලි සූදු සෙල්ලම් කරන අය දිනුවත් සූදු පොලේ සේවකයෝ බෙදාගත්තත් අපට මොකෝ.
මේ වංචා කරපු මුදල්වලින්... පාරේ බැහැලා යන එක සහ නිදහසේ ජීවත්වීම තහනම් කල යුතුයි. අන්න එදාට තමයි අපේ රටේ මෙවැනි දූෂණ අඩුවෙන්නේ...
මිනිස්සු දුප්පත්කමට හෝගාලා ලොතරැයියක් අද හෙට ඇදෙයි කියලා. මේ අයගේ හිතේ මේ අය ගැන තිබෙන කාර්යක්ෂමතාවට ලොතරැයි මණ්ඩලේට සල්ලි එනවා කියලා. ඉතින් මේ අයට මොකටද බෝනස්...? එළිමහනේ රට අරාජික කරනවා. මිනිසුන්ට හොඳ පාඩම්... මාරුවෙන් මාරුවට හොරුන්ට ඡන්දෙ දෙනවට ...
බලනකොට ලොතරැයි මණ්ඩලයේ ලොක්කන්ටනේ ස්වීප් ටික ඇදිලා තියෙන්නේ...
මේ කාලකන්නි පුද්ගලයින් ආර්ථික වශයෙන් දියුණු රටක හිටියා නම් කොහොම දිමනා ඉල්ලයිද දන්නේ නැහැ. ලංකාව කියන්නේ ලක්ෂ ගාණක් සමෘද්ධි සහනාධාර, පොහොර සහනාධාර ලබන දුප්පතුන්ගෙන් පිරි රටක්. එහෙව් රටක මෙහෙම දීමනා හොරට ලබාගන්න හිත හදාගන්නේ කොහොමද? මෙතන විතරක් නෙමෙයි තවත් රජයේ තැන් වල නිලධාරිනුත් මෙහෙමම තමයි ගසාකෑවේ...
ඒකනේ ගෙයක් නිකන් ලැබුණු එක්කෙනත්, ලොතරැයි මණ්ඩලයේ එයාගේ අමාත්‍යාංශයට ඉල්ලුවේ.
'ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය'....ඒ කියන්නේ ඔයාලා කෑවා ඇති.. දැන් අපි කන්නම් කියන එකනේ...
යහපාලන රජය ආපු ගමන් පහුගිය රජයේ ඇමතිලා සහ නිලධාරින් කරලා තියෙන හොරකම් මෙහෙමයි කියලා පලකලා. අපි ඇස් දල්වාගෙන හිටියා... ප්‍රසිද්ධ කරලා ආයේ හත්මුතු පරම්පරාවේ කව්රුවත් හොරකම් නොකරයි ආයිනම් කියලා හිතලා. නමුත් මොනවද වුනේ? දෙගොල්ලෝම එකට ආණ්ඩු කරන නිසා පරණ අයගේ වැරදි හෙව්වෙත් නැහැ. දඬුවම් දන්නෙත් නැහැ. ඒ ඒ අය ඒ ඒ පුටුවලම ඉන්නවා. ඇමතිලාගේ අමාත්‍යාංශ මාරුවුනා විතරයි. මේවත් එහෙම්මම තමයි. මෙහෙම ලක්ෂ ගණන් දීමනා අනුමත කරවා ගන්න යනකොටමනේ මේවා නවත්වන්න තිබුනේ. මේ අයව වහාම නෙරපන්න ඕනේ.
සංවර්ධන ලොතරැයියත් ඔය වගේමයි. ඒක ගැනත් හොයන්න.
මේ තරම් සල්ලි කන්දරාවක් ගෙවන්න අනුමත කළේ කවුද?