(රංජන් කස්තුරි)
ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඊශ්රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ පලස්තීන මිත්රත්ව සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජෙරුසෙලම ඊශ්රායලයේ අගනුවර ලෙස පිළිගැනීම සහ ටෙල්අවිව් නුවර පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය ජෙරුසෙලමට මාරු කිරීමේ ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරණයට විරෝධය දක්වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝනය කරමින් ඩොනල්ඩ් ට්රම්ප් ගන්නා තීරණය මැද පෙරදිග සාමයට බාධාවක් යැයි ද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්රම්ප් බයේ ගැහෙනවා ඇති දැන්.
අැමරිකානු ප්රතිපත්තිය වන්නේ අනෙක් රටවල් අවුල් කිරීමයි ඉන් අැමරිකාවේ දේශපානය හා අාර්ථිකය ස්ථාවර වෙනවා. යම් රටක් ස්ථාවර ශක්තිමත්, ස්වයං පෝෂිත වන්නේනම්. ඉන් අැමරිකාව අැතුළු බටහිර රටවල විදේශ වෙළඳාමට බාධකයක්. යම් රටක් අස්ථාවර වී අාර්ථිකය,නිෂ්පාදනය, කර්මාන්ත කඩා වැටෙන්නේ නම් එමගින් වාසිදායක වන්නේ අැමරිකානු වෙළඳපලටයි. අායුධ අැතුළු සියල්ල විකිනීමේ අවස්ථාව අැමරිකාවට හිමි වේ. අලුතින් රටක් ශක්තිමත් වන්නේනම්. මානව හිමිකම් ප්රජාතන්තවාදය හෝ කුමන තුරම්පුවක් යොදා හෝ අස්ථාවර කරනවා. ධනවාදයේ ම්ලේච්චත්වය එයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් හැමදාම එතනමයි. රටකට යහතින් ඉන්න ලැබෙන්නේ ඔවුන්ට දේශපාලනිකව අවනත වන තුරු හා ඔවුන්ට අාර්ථිකය සූර කෑමට ඉඩ දෙන තුරු පමණි.
ට්රම්ෆ් මොනවා කලත් ලංකාවේ අපිට ඇති රුදාව මොකද්ද? ලංකාවේ ප්රශ්න විසඳගන්න බැරි අපි ඇමෙරිකාවේ ප්රශ්න විසඳන්න යෑම අපේ මෝඩකමක්...
අම්මෝ...ට්රම්ප් බයවෙයිනේ...
ට්රම්ප් මහතා ඔය හෙළා දැකිලි සතේකට ගණන් ගන්න එපා........