ඉන්දීය ජාතික කොන්ග්‍රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11 වැනිදා) නිවේදනය කළේය.
නව දිල්ලියේදී මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුලාප්පලි රාමචන්ද්‍රන් මහතා නව පක්ෂ සභාපති ධුරය ප්‍රකාශයට පත්කර ඇත.
‘ශ්‍රී රාහුල් ගාන්ධි ඉන්දියාවේ ජාතික කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරීපත් වු බව මම ප්‍රකාශ කරමි’ යැයි ඔහු පැවසීය.
නාම යෝජනා 89 ක් ඉදිරිපත් වූ නමුත් රාහුල් ගාන්ධි මහතා එම තනතුරට පත්වු එකම අපේක්ෂකයා බවත් සමස්ත ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ නිලධරියකු ලෙස ද කටයුතු කරන රාමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.
දැනට විට 47 වැනි වියේ පසුවන රාහුල් ගාන්ධි මහතා මේ මස 16 වැනිදා සිය මව වන සෝනියා ගාන්ධි මහත්මියගෙන් නව තනතුර බාරගනු ඇත. සෝනියා ගාන්ධි මහත්මිය වසර 19 ක් මෙම තනතුරේ කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල පරිණත දේශපාලකයින් නොමැති නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..
නිදහසින් පසු වැඩිම කාලයක් ඉන්දියාවේ පාලන බලය තිබුනේ නේරු ගාන්ධි පරපුර අතේ. ඒත් ඔවුන් නියෝජනය කරන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය අදටත් ඉන්දියාවේ නොදියුනුම ප්‍රාන්ත වලින් එකක්. වැඩි කාලයක් කොමියුනිස්ට් පක්ෂය පාලනය කළ කේරලය තමා ඉන්දියාවේ දියුණුම ප්‍රාන්තය. පුද්ගයින්ගෙන් වැඩක් නෑ. නිවරදි දැක්මක් නැතිනම්.