විශ්වාස භංගය නිසා දෙමළ සන්ධානය දෙකඩ වන ලකුණු
උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ඉතිරි පක්ෂ ත්‍රිත්වයම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය.