හිටපු බුද්ධී අංශ ලොක්කා තෙවැනි දිනටත් එෆ්සීඅයිඩියට
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනයකින් සහ තවත් ආයතන කිහිපයකින් රුපියල් මිලියන ගණනක් සිය ගිණුමට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා අද (20) තෙවැනි දිනටත් මුල්‍ය අපරාධ කොට්ඨාසය කැදවනු ලැබ ඇතැයි පොලිසිය කියයි.