දිවුලපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට මිනුවන්ගොඩ දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍ර දේශයේ දී අද (23) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් අතර ඇතුළු වු වෙඩි හුවමාරුවකින් පතාල සාමාජිකයකු බව කියන අලුතපොළ කුරේ නැමැත්තා මිය ගොස් තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 23 October 2017
බැඳුම්කර කොමිසමේ කාලය දිගුකරන්නැයි ඉල්ලයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය. 23 October 2017
අල්ලස් ගනිද්දී ග්‍රාම නිලධරයා කොටුවෙයි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට සහ පදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20000ක් ලබාගනිද්දී කොල්ලුපිටිය වැඩ බලන ග්‍රාම සේවා නිලධරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 23 October 2017
වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවාගන්නේ නැතිලු සයිටම් ආයතනයේ උප සභාපතිනි හිමාලි ජයතිලක මහත්මිය නිවේදනයක් යොමු කරමින් කියා සිටිනුයේ එම ආයතනයේ වෛද්‍ය පීඨයේ MBBS පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමක් මේ දිනවල නොකෙරෙන බවයි. 23 October 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උපවාසයේ යෙදෙන තිදෙනාගේ ඉල්ලීම් ඉටු කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් අද(23) කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි. 23 October 2017
දිවුලපිටිය වෙඩි තැබීමකින් පතාල සාමාජිකයෙක් මරුට දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී පතාල සාමාජිකයෙක් මිය ගිය බව පොලිසිය පවසයි. 23 October 2017
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට සැරසෙයි වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 23 October 2017
සිසුවියන් හතරකට අතවර කළ ගුරුවරයාට ඇප බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 23 October 2017
හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව විශාඛාවෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (aat) එක්ව සංවිදානය කළ ‘වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව’ ඉදිරිපත් කළ පාසල තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ සම්මාන ප්‍රධානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද(23) පැවැත්විණි. 23 October 2017
ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ් කොළඹ මළලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේ පැවැති සාදයක දී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට පහර දුන්නැයි එම අංශයේම පොලිස් කොස්තාපල්වරයකු සහ නාවික හමුදා නිලධරයකු ලබන නොවැම්බර් 6වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය. 23 October 2017
රයන් ජයලත්ට ඇප සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය. 23 October 2017
අරියාලෙයිහිදී වෙඩි වැදුණු තරුණයා මරුට යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය කියයි. 23 October 2017
පණුවන් නිසා මුරියාකුලමේ ජනයාට පීඩා පණු විශේෂයක් හේතුවෙන් මුරියාකුලම ගම්මානයේ විශාල පිරිසක් ප්‍රීඩාවට පත්වී සිටිති. කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව සිටින බව ප්රදේශවාසිහු පවසති. 22 October 2017
කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. 22 October 2017
‘යදමින් බැඳි අක්ෂර‘ ජනගත වෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද(22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි. 22 October 2017
රේස් ගිය බස් දෙකක් එකිනෙක ගැටේ බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් අද(22) එම මාර්ගයේ 10 කණුව ගොවිපලගම ප්‍රදේශයේ දි එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් පිරිසක් තුවාල ලැබූහ. 22 October 2017
නාවක්කුලිය හා යාපනය අතර දුම්රිය ගමන් දින පහකට නෑ උතුරු දුම්රිය මාර්ගයේ නාවක්කුලිය හා යාපනය අතර පිහිටි පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට(23) සිට 27වැනිදා දක්වා දින පහක් එම මාර්ග කොටසේ දුම්රිය ධාවනය සිදුනොවන බව දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය පවසයි. 22 October 2017
අරියාලෙයි වෙඩි තැබීමකින් තරුණයකුට බරපතලයි යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (22) සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයකු (27) බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 22 October 2017
අල්ලස් නඩු 60 කදී 34 කට දඬුවම් අල්ලස් චෝදනාවන්ට ලක්වුවන් වැඩිම පිරිසකට දඬුවම් නියම කොට ඇත්තේ ද අල්ලස් නඩු වැඩිම ප්‍රමාණයක් විභාග කොට අවසන් කොට ඇත්තේද පසුගිය මාස නවයක කාලය තුළ දී බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 22 October 2017
පාසල් උත්සව වලට මිල අධික ශාලා බෑ පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදාගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 22 October 2017
රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ - කථානායක රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය. 22 October 2017
කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහමාරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. 22 October 2017
නාගොඩ අමරවංශ නාහිමියෝ අපවත්වෙති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලාධිපති, ශ්‍රී විමලවංශ වංශාවතංශ, ශාසන කීර්ති ශ්‍රී කවිධජ සද්ධම්මවාගීෂ්වර ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමිපාණෝ අද (22) අපවත් වී වදාලහ. 22 October 2017
හොරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට පොලීසිය මඟහැර කට්ටි පනිමින් මහපරිමාණයෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක නිරතවු සංවිධානත්මක කල්ලියක නායකයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් රුපියල් ලක්ෂ 10 මත්කුඩු සමඟ මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය දළුපොතදී අද (22) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 October 2017
පොදුජන පෙරමුණේ මංගල රැළිය නොවැ. 12 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ප්‍රථම මංගල රැළිය නොවැම්බර් 12 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය. 22 October 2017
කරුවලගස්වැව ගොවීහු වැසි පතා දෙවියන් යදිති දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලගැලීම් හා නායයෑම් ඇතිවන තරමට පවා වර්ෂාව ඇද වැටුණද රටේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන රජරට ප්‍රදේශයට දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පවතින දැඩි නියගය තවදුරටත් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිහු අසරණ වී සිටිති. 22 October 2017
‘අනීකාට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයටත් තර්ජනයක්’ - බන්දුල මහ බැංකු බැඳුම්කර සිද්ධියට සාක්කි ලබාදුන් අනීකාට පමණක් නොව මේ පිළිබඳ කරුණු අනාවරණය කළ ඒකාබද්ධ විපක්ෂයටත් මේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22) පැවසීය. 22 October 2017
‘වත්මන් රජය සංඝයාට ගරහනවා‘ - ගැටඹේ නාහිමි රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. 22 October 2017
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට තිරප්පනේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදි ලොරි රථ රියදුරෙකු ගෙන් රැපියල් දෙදහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 22 October 2017
මහගිරිදඹේට වැටුණු කුණු කන්ද ඉවත්කරන්න හමුදා කණ්ඩායමක් හැටන් ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය මහගිරිදඹ ප්‍රදේශයට ශ්‍රීපාද උඩමවේ සිට පහළට කඩාගෙනවිත් පියගැටපෙළේ රැදී ඇති කැළිකසල කන්ද සහ පස්කන්ද ඉවත් කිරිම සඳහා යුද හමුදා භටයින් 40 ක් සමන්විත භට පිරිසක් අද (22) සිට දින තුනක් පුරා ශ්‍රීපාද උඩමළුවේ ස්ථානගත කළ බව දහනව ලංකා ජාතික ආරක්ෂක බලමුවේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩි ගුණවර්ධන මහතා පැවසීය. 22 October 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026