ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි සසළ වෙයි
මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු කළ තර්ජනය නිසා තමාගේ සහ තම අඹුදරුවන්ගේ ජීවිත බිළිබඳ බියක් ඇති වූ බව රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද (25) පැවසීය.