(ප්‍රසාද් රුක්මල් )
ශිෂ්‍යත්ව අමතර පන්තියට ගොස් මව සමඟ නිවස බලා යමින් සිටි පස්සර මැදවෙලගම එගොඩගල පාසල් සිසුවියක් සමඟ ඇගේ මව දියකදුරකින් එගොඩ වීමට යාමේදී සැඩපහරකට හසුව ගසාගෙන යාමෙන් දැරිය මියගොස් මව ගල්පරයක සිරවී දිවි බේරා ගෙන ඇතැයි පස්සර පොලිසිය පවසයි .
පස්සර මැදවෙලගම එගොඩගල පදිංචි මැදවෙලගම විදුහලේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනිති නිම්සරනී (10)සිසුවිය මෙම අනතුරින් මිය ගොස් ඇත.
මව පස්සර රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් ප්‍රදේශයේ මන්ත්‍රීට කෝටි 4ක වත් අලුත්ම කාර් එකක් ගෙනත් දෙන්න කරුණාකරලා ටැක්ස් නැති කරන්න. දේශපාලකයින් ගැන කියන්නත් ලැජ්ජයි.
අපි පොඩිකාලෙත් තද වැස්සට ගමේ අඩිපාරවල් හරහා ගලන ඇලවල්වල ඇවිදගෙන යනකොට අඩියක් උස්සනකොට ගසාගෙන යන නිසා කකුලේ අඩිය උස්සන්නේ නැතුව ඇදගෙන තමයි ගියේ...
ඇමති හැත්ත බුරුත්තට හන්දි වේදනාවෙන් මිදිලා සුව පහසුවට ගමන් යන්න කෝටි ප්‍රකෝටි ගණන් (අහිංසක රටවැසියන්ගේ වක්‍ර/ඍජු බදු සල්ලි) දීලා වාහන ගේනවා. මේ අහිංසක ළමයින්ට යන්න හරි හමන් පාරක් පාලමක් නැති කමින් ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනා. කෝ මේ දරුවාගේ මුලික මිනිස් අයිතිවාසිකම්? මේවට වග කියන්න ඕනෑ අයට හෙන හත නෙමේ දා හතරක් ගහන්න ඕනේ!!! කියල කිව්වට වැඩක් වෙයිද? වෙන රටක නම් මේ දරුවට කෝටි ගානක් වන්දි ගන්න පුළුවන්. අඩු තරමේ අර සිසු රක්ෂණයවත් හම්බවෙයිද? පව්! අහිංසක දරුවා...
සියලුම දේශපාලකයන් වෙත කෙරෙන අනතුරු අඟවීමි: ජනතාව අසදාරණය ට විරුද්දව නැගිටින දිනය වැඩි ඇතක නොවන බව නොපෙනේද මේ දමන කොමෙන්ට් වලින්