රංජිත් රාජපක්ෂ
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියස පැවැත්වීමට නියමිත පංච මහා අධිෂ්ඨාන පූජාවේ කිරිපිඬු දානය සඳහා අතින් වී පිරිසිදු කර සහල් බවට පත් කිරිමේ පිං කමක් හැටන් ශ්‍රි විජයමංගලාරාම විහාරස්ථනයේදී අද (13) පැවැත්විණි.
එම විහාරස්ථනයේ විහාරවාසී පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකම කළණ මිතුරු හවුල් සංවිධානය සහ හැටන් රුවන්පුර තරුණ බෞද්ධ එකමුතු විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
රුවන්පුර ශ්‍රී විජයමංගලාරාමය වෙත වී ග්‍රෑම් 250 ක් ලබා දි තිබූ අතර, එම වී රුවන්පුර ප්‍රදේශවාසින් හා පාසල් සිසුන් දින දෙකක් පෙහෙවී මුඛ වාඩම් බැඳ සුදුවතින් සැරසි ඉතා සියුම් ලෙස බුලත් කොලයක් මත තබා වී ඇටයෙන් ඇටයට අතින් සුද්ද කර සහල් බවට පත් කර ගැනිණි.
පංච මහා අධිෂ්ඨාන පුජාව මේ මස 17,18,19 යන තෙදින පුරා රුවන්වැලි මහා සෑය අභියස පැවැත් වීමට සැලසුම් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ශ්‍රද්ඩාවට මහා ආනිසංස...
මුකවාඩම් බැන්දට මදි අතපය එහෙමත් හොඳින් පිරිසිදු කර ගත යුතුයි.
බොහොම හොඳ දානමය කටයුත්තක්. සහභාගි වූ සියල්ලන්ටම තම තමන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ඨවේවා !!!
මෝලක කොටපු හාල් සහ මෙලෙස සහල් වලින් පිසින කිරිබත් වල තියන වෙනස කුමක්ද ? බුදුන් කාලේවත් සිදු නොවුන දේවල් . රුවන්වැලි මහා සෑය ඇතුලත වැඩ සිටින බුදුන් වහන්සේගේ ධාතුන්, තුන් සිත පහදවාගෙන වන්දනාමාන කිරීම තරම් උතුම් දෙයක් තවත් නැහැ.
මේවට අන්ලයික් කැන අයත් ඉන්නවා......
නියපොතු වලින් සුද්දකරන කොට විෂබීජ එමටයි. ශරීරයෙන් එන දහදිය එකතුවෙනවා. වී මෝලක කොටාගත් සහල් මීට වඩා බොහෝ පිරිසිදුයි. කාගේද මේ මෝඩ අදහස? ලංකාව දියුණු වෙන්නේ නැති හේතුව තමයි අලුත් විදිහට හිතන්නේ නැතිකම. දුකයි දෙයියනේ සිංහලයින් ගැන.
බුදු දහමට කළහැකි උතුම්ම පූජාව ඒ දහම අනුව ජීවත් වීමයි. එහෙම නැතුව ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා අතින් වී සුද්ද කළාටවත්, (මේ සමගම තියන අනිත් පින්තූරය) බඩදරු අම්මලා තරාදියේ පැටෙව්වාටවත් විශේෂ පිනක් ලැබෙනවාද?
අහෝ බුදු හාමුදුරුවන්නේ, අහෝ දෙවියනේ ! ධර්මය කුමක්ද කියා නොදැන, ධර්මය වෙනුවෙම්ම කියා මෙහෙමත් කාලය කන රටක්... ධර්මය කුමක්ද කියා නොදන්නා අප රටට කමාකළ මැනවි...
මෝලක කොටනවිට දහඩිය සහ නියපොතුවල ඇති විෂබීජ එකතු වෙන්නේ නැහැ. මේක අලුත්ම දෙයක් වගෙයි. ශ්‍රද්ධාව සමග බුද්ධියද යොදාගෙන තීරණ ගත යුතුයි. දාගැබ් වටේට පලතුරු ගොඩ ගැසීමත් අලුත්ම පින්කම් ජාතියක්. ඉස්සර නම් පලතුරු පූජා දැක්කේ කෝවිල් වල විතරයි. මෙවැනි පින්කම් කරන්නට පෙර මහනායක හිමිවරුන්ගෙන් උපදෙස් ගත්තොත් සාසනේ රැකෙයි. මගේ අදහස නම් ධර්මය පිළිපැදීමයි වඩාත් වැදගත්...
මේ වගේ උතුම් දේකටත් වැරැදි කමෙන්ට්ස් දාන භෞතිකවාදීන් යැයි කියා ගන්නා ටිකක් ඉන්නවානේ.
වැරදි, විහිළු දේවල් වලට ඊට අනුකුල කොමෙන්ට්ස් දාන එක භෞතික වාදයක් නොවේ. බුදුන් දවස සුජතා සිටු දුව සිදුකල කිරිපිඩු දානය, නියපොතු වලින් වී සුද්ධ කරලා දුන්න බවක් නම් කිසිම සදහනක් නැහැ. ආදිම කාලවල, එ සදහා ගෙබිම සකස් කර ගෙන තිබු බව අහල තියනවා. ඊට පස්සේ වංගෙඩියේ, ඊටත් පස්සේ මෝලට ගෙනියන්න පටන් ගත්තා. මිනිසුන් දාහස් ගණනෙන් මහා මාවත් වල බඩගින්නේ. වගකිව යුත්තන්ගේ ඇස් පෑදේවා.
අපේ රටේ මිනිස්සුන්ට ඉතින් වෙන වැඩ නැති හින්දා හොඳයි. නැත්නම් මෙච්චර තාක්ෂණය තියෙන ලෝකේ අතින් වී සුද්ධ කරයිද..?
මේකේ දක්වලා තියෙන අදහස් වලින්ම පේනවා ආමිස පුජාවන් සහ ප්‍රතිපත්ති පුජාවන් නොවැටහීම. පටිච්ච සමුප්පාදයෙන් රාග ද්වේශ වල නොඇලී යන මග වටහා ගත් අය ඔවුන්ද නොදැනුවත්වම ප්‍රතිපත්ති පුජාව කරනවා. එහෙම අය ඇසුරක් ගහන මොහොතක් පංච උපාදානස්කන්ධයන්ගේ අනිච්ජ බව වැඩීම මහා කුසලකර්මයක් බව කිවයුතුයි. එහෙත් සසරේ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම අවබෝධ කිරීමේ නුවණ නොලැබුණු අයට මෙසේ ආමිස පුජාවන් වැඩි වැඩියෙන් කිරීම ඔවුන්ගේ සසර අකුසලයන්ගේ නිවීමකට හේතු වෙන්න පුළුවන්. අකුසල හිත ක්‍රමයෙන් නිවෙනකොට කුසල හිත නිවැරදි මාර්ගයේ පිහිටුවන්න ලැබේවි. එමෙන්ම තථාගතයාණන් වහන්සේ සියලු පුජාවන්ට සුදුසුයි. මේ සෑම පුජාවක්ම උන්වහන්සේට උපහාරයක්ම වේවා..