අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
‘‘ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපකෂ මහතා බව මම මීට වසර දෙකකට පෙර ඇඹිලිපිටියේ දී කිව්වා. සමහර දේශපාලන ප්‍රබලයන් ඇතුලූව විවිධ පිරිස් ඊට එරෙහිව මා විවේචනය කළා. එදා මට වැරදි ට්‍රැක් එකක යන්න වුණේ පකෂය නිසා. අද මම හරි ට්‍රැක් එකට ඇවිත් ඉන්නවා. දේශපාලන නායකයින්, පකෂ, සංවිධාන, පුද්ගලයින් ඇතුළු විශාල කණ්ඩායමක් අද ගෝඨාභය රාජපකෂ මහත්තයාගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගොඩකවෙල මහින්ද මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.
‘‘ගෝඨාභය රාජපකෂ මහතා මෙතැනට පැමිණිම ගැන සතුටු වෙනවා. මොකද අද රටේ බොහෝ දෙනෙක් එතුමා ගැන කතා කරනවා. විවිධ පුද්ගලයන්, සංවිධාන, දේශපාලන පකෂ, විරුද්ධ දේශපාලන පකෂ ආදී වූ හැම දෙනාම එතුමා ගැන කතා කරනවා.
‘එතුමා ආරකෂක ලේකම්වරයා විදියට විශිෂ්ඨ සේවාවක් අපේ රටට කළා. සියලූ හමුදාවන් ඒකරාශී කරලා ඊට නායකත්වය දීලා යුද්ධය දිනන්න නායකත්වය දීපු එක මේ රටේ කිසිම කෙනෙකුට අමතක කරන්න පුලූවන් කියලා මම හිතන්නේ නෑ. නමුත් දේශපාලනය මුසු චරිතයක් ලෙස එතුමව හැඳින්වුයේ නෑ.
මට මතකයි මීට වසර දෙකකට ඉස්සර ඇඹිලිපිටියේ දී මේ වගේ රැස්වීමක් අමතන වෙලාවේ මම කිව්වා මම දැකපු අඩුවක් පුරවන ආකාරය. අපේ කන්දේ විහාරේ හාමුදුරුවොත් මේක පොඩ්ඩක් හැඳින්වුවා. මොකද මම වෙන ට්‍රැක් එකක නැත්නම් මාර්ගයක ගියා. දැන් ආයෙත් අවිල්ලා තියනවා. ඒක ඇත්ත. නමුත් මම වෙන ට්‍රැක් එකක ගියේ පකෂය නිසා. නැතුව පුද්ගලයෙක් හරහා ගියා නෙවෙයි. පකෂය තීන්දුවක් ගත්තා. පකෂය ගියා. මමත් ගියා. ඒක අර බෝට්ටුවේ නැගලා ඉන්න මිනිහා බෝට්ටුව යනකොට යන්නා වගේ තමයි මමත් ගියේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාගේ පහනින් එළිය බලන්න ගොඩක් අය ඉන්නවා.
මේ අයට කව්රු හරි මරන්න තියනවද දන්නේ නැහැ. රාජ්‍ය බලය යොදවලා ගෝඨාම ඉල්ලන්නේ... පැණි කාපු අය කියනවනේ පැණි වල රස දන්නේ.
පැදුරටම වැටුණාම ඉබේ කියවෙන කතා...
නිකං තියන කට ඔහේ කියවනවා. රත්නපුරේ ප්‍රාථමික දේශපාලකයෝ සේරමට රැකවරණය දුන්නේ මෙයා කියල කවුරුත් දන්නවා. රට තුල ජාතිවාදය, ආගම්වාදය වපුරමින් රට සිංහල විතරක් කියන අයට ගෝඨා හැර වෙන විකල්පයක් නෑ තමා ඉතින්... දැනට රටට අඩුවකට තියෙන්නේ මධ්‍යස්ථ මත දරන සහ සුළුජාතින් වලපල්ලට යවන එක... ඒකට ඉතින් ගෝඨා මිසක් වෙන කවුද?
මහත්මයා පන්සල්වල මොනවද මේ කතා... පන්සල් වල දෙශපාලන කතා පැවැත්වීමේ සම්ප්රදාය රටට හඳුන්වා දුන්නේ මහින්ද මහතාය. අනිත් අතට පන්සල්වල නොයෙක් ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ද මෙහි වගකීම බාරගත යුතුවෙයි.
ගෝඨාභය ඇමරිකානු පුරවැසියෙක් කියලා එයාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. අපේ රට මොහොතකට හරි අතහැරලා වෙන රටක පුරවැසිභාවය ලබාගත්තු කිසිම පුද්ගලයෙක් මම නම් තඹ සතයකට විශ්වාස කරන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි මහබැංකුව කොල්ලකාලා රටින් පැන්න තක්කඩි මහේන්ද්‍රන්.. අපේ රටේ හොඳ මිනිස්සු කෝටි දෙකක් ඉන්නවා ඒ අතරින් හොඳ නායකයෝ ඕනෑතරම් සොයාගන්න පුළුවන්...
එතකොට නන්දසේන තමයි ලංකාවේ පළමුවන "ඇමෙරිකන් " ජනාධිපති...
ඔය හැම කෙනාම බලන්නේ ඊළග අවුරුදු 5 කාට සපොර්ට් කලොත් මහජන මුදලින් රජ සැප විදින්න පුලුවන්ද කියලා විතරයි.
මට නම් හිතෙනවා දේශපාලන විශේෂඥ දොස්තර දයාන් ජයතිලක උන්නැහේට පක්ෂ නායකකම දෙනවා නම් හොඳයි කියලා. මර්වින් සිල්වා මහත්තයා වුනත් වරදක් නැහැ !
අවුරුදු පණහක් පමණ දේශපාලනය කරපු මිනිහෙක් ජිවිතයට එක දවසක් වත්දේශපාලනය නොකරපු මිනිභෙක්ව තමන්ගේ නායකත්වයට සුදුසු බව යෝජනා කරනවා.මේක දැන් අපි අවබෝධ කර ගත යුත්තේ කොහොමද ?එක්කො මේ මනුස්සයා අවුරුදු පණහක් දේශපාලනයේ හිටියට තවම දේශපාලන අත දරුවෙක් විය යුතුයි.එහෙම නැත්නම් කොන්ද පණ නැතිකම විය යුතුය.අරුගේ මුගේ කළිසමේ හරි සරමේ හරි එල්ලිලා තමන්ගේ වැඩේ කරගන්න දඟලන මෙවැනි මිනිසුන් පාර්ලීමේන්තුවට යැව් ඡනතාවට අබ සරණයී.
ඊට වැඩිය හොඳ නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න ජෝන් බාස්ල දෙන්නගෙන් එක්කෙනෙක් ජනාධිපති කරලා අනිත් කෙනා අගමැති කරමු , කොහොමත් දැන් බාස්ල වැඩි වෙලා මුළු පාර්ලිමේන්තුවම ජෝන්බස්ට ගිහින්නේ තිබෙන්නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ වී එක්කර සියලු ජාතීන් එකතු වම දිනවිය හැකි එකම නායකයා ජෝන් මහත්තයා පමණයි
මොහුගේ බල කොට්ඨාශයේ කොට කෙතන ගමේ කාන්තාවන් 18 ක් පමණ දුෂණය කර මර දැමු අයව අල්ලන්න බැරි වුනේ ඇයි.
රට වනසන දේශපාලුවන්ට ගෝඨාභය කියන චරිතයට ඕනෑම අපහාසයක් කල හැකියි. ඒවා අනුමත කරන්නේ පාලකයින් , කොටි ඊලාම් වාදීන් , බටහිර ද්‍රෝහීන් සහ ඒ මුදලින් යැපෙන බඩගෝස්තර වාදීන්ය. එනිසා ගෝඨාභය කියන්නේ රටට ආදරය කරන දැක්මක් ඇති කෙනෙකි. අද උතුරේ සිටින දෙමල ජාතිකයින්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඇති කර දුන්නේ කවුද? මේවා නොතේරෙන්නේ දුෂ්ටකම නිසා නේද?
ඉස්සර මහින්ද මහත්මයාගේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක් වෙලා වරප්‍රසාද භුක්ති වින්ද පහුගිය කාලේ මෛත්රිගේ යහපාලන ආණ්ඩුවේ එල්ලිලා ඇමති වරප්‍රසාද භුක්ති වින්දා, දැන් පේනවා ලබන පාර යහපාලන බස් එකේ එල්ලිලා පාර්ලිමේන්තු යන්න බැරිබව, දැන් හදන්නේ ගොඨාගේ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තු යන්න. මුලින්ම කළ යුත්තේ අවුරුදු ගණනක් ඉඳන් පාර්ලිමේන්තුවේ ඉඳගෙන, රටේ ආර්ථිකය නමැති ශරීරයේ එල්ලිලා ලේ උරාබොන මෙවැනි" දේශපාලන කූඩල්ලෝ" ටික 2020 දී ගලවලා දමන එක... එහෙම නොකළොත් ගෝඨා නොවේ බණ්ඩාරනායක මහත්මයා ආපහු ආවත් මෙරට ගොඩගැනීම බොරුයි.
සෙනවිරත්න මහතා මෙතන ලියන බොහෝ දෙනකුට රටේ නායකයා කියන්න පුළුවන් කෙනෙකු නැත. ඔවුන් ගේ නායකයෝ අර ජෝන්බාස්ලා දෙන්නාය
සත්‍යපාල මහත්මයා මේ පුද්ගලයා අවුරුදු 50 විතර දේශපාලනය කරනවා කියල කළේ හොඳට මුදල් හම්බකිරීම, ඔය දේශපාලනයේ ඉදිරියට ගිහින් විශාල මානසික පීඩනයක් අරගෙන වැඩකරනවට වැඩිය මොහු කැමති , කවුරු හරි බිලිබාන කෙනෙක් ඉස්සරහට දමල ඔහුගේ සරමට මුව වෙලා , අර පළාත්සභාවේ පාල ඇමති සහ අත්කොට වැනි ගෝලයෝ සෙට් එකත් ආරක්ෂා කරගෙන, තිරය පසුපස සිට හොඳට ගරාගන්න