(ජුඩ් සමන්ත)
ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් බේරුවල සිට මන්නාරම දක්වා ධීවරයන් ඊයේ (13) රාත්‍රී මුහුදු නොගොස් වර්ජනයකට එක්ව සිටින බව ධීවර සමිති පවසයි.
ඉන්ධන සහනාධාරක් තමන්ට ලබා දෙන බවට රජය ප්‍රකාශ කළත්,එය සාර්ථක ක්‍රියාවක් නොවන බවත්,මේ ආකාරයට එක් වරම විශාල මුදලකින් ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා ධීවරයෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවද කියති.
මුහුදු නොගොස් වර්ජනයට එක්ව සිටින ධීවරයින් විසින් හලාවත නගරයේ ස්ථාන කීපයක කළු කොඩි ඔසවා ඇති අතර,මෙම හේතුවෙන් හලාවත මාළු අලෙවිසල් ද පාළුවට ගොස් තිබිණි.
හලාවත වරාය තුළ මෙන්ම කලපු තීරයේ බහු දින යාත්‍රා සහ එක් දින යාත්‍රා ගාල් කර ඇති ආකාරයක් ද දක්නට තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඔයගොල්ලො පත් කර ගත්ත ඇමති තුමාම ඔයගොල්ලන්ට ඔහොම සලකනකොට ඔයගොල්ලො ඔහොම සලකන්න හොඳඳ? ඔබට සතුටුයිද දැන් ...?
මේ ගොල්ලෝ කියන්නේ හැමදාම ඉන්ධන එකම ගානට දෙන්න කියලද? ගිය අවුරුද්දේ මලු කිලෝ එකක් කීයද අද කීයද? හැමදේම මිල වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්... හැබැයි එකක් ෂුවර්. ඔය ගොල්ලන්ට වෙඩි තියන්නේ නම් නැහැ.
හැබැයි ඉතින් ඉන්ධන මිල අරයගෙ කාලෙට වඩා නම් තාම අඩුයි.
මේ දවස් වල ලෝකයේ හැම තැනම ඉන්ධන ගණන් ගිහිල්ලු. පුතා ඉංග්‍රීසි පත්තරේක තිබුනා කියලා මට පෙරේදා කීවා
හැමදේම ගන්නන් යනවා a.