(රංජන් කස්තුරි)
විදුලිය නොමැති අඩු ආදයම්ලාභී පවුල් 47555 කට සහ බාහිර මෝටර් බෝට්ටු භාවිත කරන ධීවරයින් 24282 භූමිතෙල් සහනාධාරය ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එම සහනාධාරය ඉකුත් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දෙන අතර එම සහනාධාරයේ ප්‍රථම ගෙවීම ජුනි මාසයේදී සිදු කරන බවද ඇමැතිවරයා පැවසීය.
භූමිතෙල් සහනාධාරයට අයත් මුදල් සහන, හිමිකරුවන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බවද හෙතෙම පැවසීය.
සමෘද්ධිලාභීන්ගේ භූමිතෙල් සහනාධාරය ලබා දීම සඳහා වන ප්‍රතිපාදන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයට ලබා දෙන අතර ධීවරයින්ගේ සහනාධාර එම අමාත්‍යංශයට ලබා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හාක්රොස් පටස් නැද්ද?
විදුලිය හා ජලය, බිල්පත් අඩුම ගාස්තුව වැඩිකළා. අඩු ආදායම් ලාභීන්ට වැඩි ප්‍රශ්න කිරීමක් නොකර එම බිල්පත් වලට සහනාධාර ලබාදිය යුතුයි. ඉස්පිරිතාලවල වැයවූ මුදල් සඳහා බිල්පත් ලබාදිය යුතුයි. කැමැති කෙනෙකුට එයින් කොටසක් හෝ ගෙවිය හැකිය.
ඊළඟ පළාත් සභා ඡන්දෙදි ආණ්ඩුවට ජනතාව වෙන කවදාවත් නොදුන්න සහනාධාරයක් දෙන බව නම් විශ්වාසයි.
මංගල මහතයෝ දැන් නම් මේ අවුරුද්දට බදු ගැහුවා හොඳටම වැඩි ආයෙනම් එකකටවත් අත තියන්න එපා අඩුම ගානේ ඊළඟ මාස 18 වත්.
ඉස්සෙල්ලාම මේ අම්බරුවන් 225ටම මේ භූමිතෙල් සහනාධාරය ගන්න කියමු. මොකද එදා වේලත් බොහොම අමාරුවෙන් ගිලදමන අන්ත දුගී දුප්පත් හරක් රැලක්නේ. ඉතිරි වුනොත් අනිත් උසස්යයි කියන නිලධාරී රැලට දෙමු. පවුනේ ඒ අයත් ජීවත් වෙන්න එපායැ.