(රවී ලියනගේ )
ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.
මේ නිසා ගාල්ල නගරය ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
මෙම වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කඩවත්සතර, අක්මීමණ, බෝපේ පෝද්දල හා බලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා වලට දැඩි අලාභ හානි සිදු වී තිබිණි. ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසන පරිදි 13 මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා හතර තුළ පවුල් 1960 කට අයත් ජනතාව 7736 දෙනෙකු පීඩාවට පත් වී ඇත.
මෙයින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුළ පවුල් 1509 කට අයත් සාමාජිකයින් 6061 ක් ද බෝපේ පෝද්දල පවුල් 92 කට අයත් සාමාජිකයින් 406 ක් ද, බලපිටිය පවුල් 180 කට අයත් සාමාජිකයින් 560 ක්ද අක්මීමණ පවුල් 179 කට අයත් පවුල් 709 ක් ලෙස වෙයි. එසේම දිස්ත්‍රික්කය තුල නිවාස හානිවීම් 150 ක් ද පස් කදු කඩා වැටීම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබිණි.
මෙම ජල ගැලීම් තත්වය නිසා ගාල්ල දංගෙදර , ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, ඩික්සන් හන්දිය , සරෙන්තුකඩේ, ගාල්ල කොග්ගල කඩේ හන්දිය,සමඟිවත්ත, ඩිඩිස්වත්ත, කලේගාන හන්දිය, නුගදුව ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබිණි. මොරගොඩ ඇළ පිටාර ගැනීම නිසා මෙම තත්වය ඇති වී තිබිණි.
මෙම ජල ගැලීම් තත්වය නිසා අදාල ප්‍රදේශ වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වී තිබිණි. කෙසේ නමුත් ගාල්ල ප්‍රදේශයට ඊයේ(12 ) පෙරවරු 8.00 සිට 13 දිනපෙරවරු 6.00 දක්වා මී.මී 166.7ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බොහෝ ස්ථානවල පෙර තිබු ඇළ මාර්ග වසා, පහත් බිම් ගොඩකර ගොඩනැගිලි ඉදිකොට තිබීමත්, පොලිතීන් වසංගතය නිසාත්, කාණු හිරවී වැසි ජලය ගලා නොයාමෙන් මෙවැනි තත්වයන් උදාවේ. වැසිකාලවල ගලායන ජලය සමග ගසාගෙන ආ පෝර බෑග්, පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන් ආදිය හිරවී ඇළ මාර්ග අවහිර වී තිබු අයුරු මා පරිසරයේ සහ කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට යන අවස්ථාවලදී නොයෙක් වර දැක ඇත. අප රටේ සුළු පිරිසක් හැරෙන්නට බොහෝ දෙනා පරිසර හිතකාමීන් නොවෙති. ටොෆි කොළ, රටකජු පොතුවලින් පටන්ගෙන පොලිතීන් ඇතුළු බොහෝදේ ඉවක් බවක් නොමැතිව තැනින් තැන වීසි කරනු පෙනේ. මේවාට විරුද්ධව තද නීති පැනවීමට කාලය පැමිණ ඇත.
අනේ, කොච්චර ලස්සන දසුනක්ද? ඒ කාලේ මෙහෙම සුන්දරත්වයක් තිබුණා නම්, අපිට පීන පීන නැහෙන්න තිබුණා.
තමන් උගතුන් යයිද, පන්සල් වලට යාමෙන් ළමුන් දහම් පාසල් යැවීමෙන් බෝගස් පිළිමයක් දුටු වහාම වැඳ වැටීමෙන් සහ දුටු දුටු වැඩිහිටියන්ට දණගසා වැන්දවීමෙන් සියල්ල හරියයි සිතන මෝඩජනයා පිරි රටකි මෙය... මොවුන් තමන් කෑ කෑම කොළය, හිස්බීම පැකැට්ටුවල, බුදුපිළිම ගසාගත් වාහනයෙන් එළියට විසිකර තම ළමුන්ට අාදර්ශවත් වෙති. මෙම පන්තිය දිනෙන් දින වර්ධනය වේ.
මේ රට දැන් හදන්නම බැරි ගණනට වැටිලා. උගතුන් වැඩි වෙලා, නමුත් බුද්දිමතුන් හොඳටම අඩු වෙලා. ඒ නිසා සාමුහිකත්වය නැති වෙලා. මමත්වය ඉතිරි වෙලා.. නීතියෙන්, ධර්මයෙන් මේවා දැන් විසඳන්න බෑ..! ඒ කෙසේ නමුත් ඔබත් මමත් රටට හිතකාමී ව ජීවත් වෙමු.