තර්ස්ටන් විදුහල්පතිට ඇප ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියදී 2012 වර්ෂයේ පළමු ශ්‍රේණීයට සුදුසුකම් සැපිරූ දරුවකු එම විද්‍යාලයට ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය. 28 November 2017
අලුත්ගම වෙඩි තැබීමක් අලුත්ගම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනකු එම උත්සහය අසාර්ථක වීම නිසා වෙඩි තබා පළාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 28 November 2017
‘නාම යෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතුයි’ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නාම යෝජනා පත්‍ර බාරදීමේ දී නාම යෝජනා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 28 November 2017
කොළඹ ජාතික රෝහලට වැඩබලන අධ්යක්ෂවරයෙක් කොළඹ ජාතික රෝහලේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 November 2017
සුඛෝපභෝගී වාහන බදු සහනය නොවැම්බර් 30 අවසන් සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා හිඟ සුඛෝපභෝගී බදු ගෙවීමේ සහන කාලය නොවැම්බර් 30වැනිදා අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 28 November 2017
නව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පත්කෙරේ නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි. 28 November 2017
අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත් අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි. 28 November 2017
තරුණියගේ හිසට සිවිලිමක් කඩා වැටේ දකුණු පළාත් වනිතා හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ ප්‍රදර්ශනයක් අතරතුර අද (28) ගාල්ල නගර ශාලාවේ සිවිලිමේ කොටසක් කාන්තාවකගේ හිසට හා ප්‍රදර්ශන භාණ්ඩ මතට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි. 28 November 2017
ජනපතිට දකුණු කොරියාවේදී උණුසුම් පිළිගැනීමක් දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සෝල් ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා කොරියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෝ හියුන්, ජාතික ආරක්ෂක ප්‍රධානී චුන්ග් එයි යොන්ග් ඇතුළු ප්රභූවරු රැසක් එක්ව සිටියහ. 28 November 2017
සාරි පොටේ සිද්ධිය නීතිපතී අතට මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ විවාහ උත්සවයක් අතරතුර දිගම සාරි පොට තේරීමේ ගිනස් වාර්ථාව සදහා පාසල් සිසුන් 250ක් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. 28 November 2017
ගංවතුර ආධාර ඉල්ලා උද්ඝෝෂණයක් කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ. 28 November 2017
‘ගෝඨා අත්අඩංගුවට ගතහොත් සංඝ රත්නය එරෙහි වෙනවා‘ ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් සමස්ත මහා සංඝ රත්නය, සමස්ත දේශ හිතෛෂි පිරිස් එකතුව ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(28) පැවසූහ. 28 November 2017
මැතිවරණය කල් දැම්මොත් ජවිපෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පළාත් පාලන සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30වැනිදා වන විට ඉවත් කර ගැනීමට අදාල පාර්ශ්වයන් කටයුතු නොකළහොත් මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (28) පැවසීය. 28 November 2017
ආබාධිත රණවිරුවෝ ගාලු මුවදොර මග අහුරති යෝජිත විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත. 28 November 2017
ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය. 28 November 2017
වව්නියාවේදී බස් රියකට ගල් ප්‍රහාරයක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ ගමන් ගත් බස් රථයකට එල්ල කෙරුණු ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබළකු සුළු තුවාල ලබා ඇතැයි කනගරයාන්කුලම් පොලීසිය පවසයි. 28 November 2017
සැකකරු පළා ගියැයි පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් පොලිස් සිර මැදිරියෙන් සැකකරුවකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (28) සිට අරණායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. 28 November 2017
ශනිල් නෙත්තිකුමාර්ගේ පෙත්සම ඉවතට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විකුණු බව කියන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරියට හා ඇගේ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන එල්ල කළැයි 28 November 2017
වවුනියා - යාපන ලංගම බස් වැඩවර්ජනයක් කරුණු කිහිපයක් මුලකරගනිමින් සහ විරෝධය දක්වමින් වවුනියාව හා යාපනය ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ අද (28) බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතවූහ. 28 November 2017
උ‘මැද පාසල් හතරක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැන පරීක්ෂණයක් උතුරු මැද පළාතේ පාසල් හතරක ඉදිරිකිරීම් කොන්ත්‍රාත් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් නොපමාව ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී බංඩාර මහතාට නියෝග කර තිබේ. 28 November 2017
ජනපති විවේචනය කරනු එපා - අගමැතිගෙන් එජාප මන්ත්‍රීන්ට අවවාදයක් ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය. 28 November 2017
මවට අතවර කරන්න බැරිවුණාම බිලිඳා වතුර බාල්දියට දමා මරලා කතරගම, මැණික්පුරගම ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6.50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවකට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන 28 November 2017
ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ ශ්‍රී ලංකා රුපියල් විසි තුන් ලක්ෂ විසි දහසක් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (46) අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි. 28 November 2017
අනුන් සිරගතකිරීමේ රෝගයකින් නායකයන් පෙළෙනවා - ආචාර්ය වල්පොල පියනන්ද හිමි අන් අය තලා පෙලා සිරගත කොට බොහෝම ඉහලින් සතුටු වීමේ භහානක රෝගයකින් රටේ පාලකයන් පෙලෙන බවත් එයට අනුබල දෙන්නේ එන්ජියෝ සංවිධාන බවත් නිවැරිදි පුද්ගලයන් තලාපෙලා සතුටු වන්නන් අවසානයේ පිස්සන් වන බවත් ඇමරිකාවේ සංඝනායක ලොස් ඇංජලීස් නුවර ධර්ම විජය විහාරයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසීය. 27 November 2017
මුහුදු මගින් රට පනින්න හැදූ පිරිසක් රිමාන්ඩ් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව සහ කැනඩාවට යාමට සැඟවී සිටියදි පුත්තලම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසුරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙසැම්බර් 6 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අද(27) නියෝග කෙරිණි. 27 November 2017
ඡන්ද ගැසට්ටුව රකින්න නීතිපතිගෙන් මෝසමක් පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය. 27 November 2017
පොලිස්පති ගැන පොලිස් ලොක්කන් මතුකළ කාරණා සලකා බලයි පොලිස්පතිවරයායේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉදිරිපත් කළ කාරණා පොලිස් කොමිෂන් සභාව ඊළඟට රැස්වන දිනයේ සාකච්ඡා කරීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 November 2017
දුමින්දගේ අභියාචනය කල් යයි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන මාර්තු 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීරණය කළේය. 27 November 2017
සිවාජිලිංගම්ලා උත්සව පැවැත්විය යුත්තේ හමුදාව වෙනුවෙන් - පාඨලී උතුරේ දේශපාලනය කරන්නේ හමුදා විසින් එම ප්‍රදේශ මුදාගත් නිසා බැවින් සිවාජිලිංගම්ලා සමරු උත්සව පැවැත්විය යුත්තේ මිය ගිය හමුදා විරුවන් වෙනුවෙන් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. 27 November 2017
ඉඩම් දෙන්නැයි ඉල්ලා උපවාසයක් අරඹති කඩිනමින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා නිවාස සහ ඉඩම් ලබාදුන් අනු පවුල් 21 ක සාමාජිකයෝ පිරිසක් ලග්ගල නව නගරයේ පොලිසිය ඉදිරිපිට දී අද (27) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. 27 November 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026