යාපන රෝහලේත් සාර්ථකව හෘද සැත්කමක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අද (21) සහ පෙරේදා (20) ඉතා සාර්ථක ලෙස විවෘත හෘද සැත්කම් දෙකක් සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.සත්‍යමුර්ති මහතා පැවසීය. 21 December 2017
පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය. 21 December 2017
ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගී්රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි්රතාන්ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්රව්යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 21 December 2017
හොරට සාපෙළ ලියු තරුණයෙක් පිළියන්දලින් අත්අඩංගුවට පිළියන්දල විභාග මධ්‍යස්ථානයක දී වෙනත් පුද්ගලයකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 21 December 2017
උසස් පෙළ ප්‍රතිඵල 28 එයි 2017 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 28වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. 21 December 2017
මැතිවරණ පැමිණිලි 9 ක් පළාත් පලාන මැතිවරණය ප්‍රකාශයට පත්කර දින සිට අද (21) දක්වා මැතිවරණ පැමිණිලි 9 ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 December 2017
නුවරඑළියේ විදුහල්පතිවරු 5 ක් ගැන විමර්ශනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නිලඇදුම් වව්චර් බෙදාදීම වෙළදාමක් කිරීම ඇතුළු වංචාවන් සිදුකළැයි කියන විදුහල්පතිවරු පස්දෙනෙක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යටතේ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. 21 December 2017
විස්කි බෝතල් 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි. 21 December 2017
රාජගිරිය ගුවන් පාලම ජනවාරියේ විවෘත කරන බව අගමැති කියයි රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි මාසයේ විවෘත කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 December 2017
බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත. 21 December 2017
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදෙන අද (21) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණි. 21 December 2017
ශ්‍රී ලංකාවටත් භූ තාප විදුලි බලාගාරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට භූතාප විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් දත්ත සිතියම් සකස්කොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පිටාධිපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 21 December 2017
බදුල්ල - මහියංගණ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ බදුල්ල බණ්ඩාරවෙල වියලුව ඇතුළු ඌව පළාතේ බොහෝ ප්‍රදේශවලට දින කීපයක සිට මහ වැසි ඇද වැටීමට පටන්ගෙන ඇති අතර රාත්‍රියේ ඇද වැටුණු මහ වැසි සමග අද (21) උදෑසන බදුල්ල මහියංගණ මාර්ගයේ පිටපොල හංදිය ආසන්නයේ වු පස් කන්දක් මාර්ගය මතට කඩා වැටී තිබිණි. 21 December 2017
දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. 21 December 2017
උඩරට මගට ගලක් වැටී දුම්රිය නවතී උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල සහ කිනිගම අතර 161/12 කි.මී. කනුව අසලදී අද (21) අලුයම් කාලයේ විශාල ගලක් කඩා වැටීම නිසා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට තිබු උඩරට මැණිකේ දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 21 December 2017
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (20) අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. වයඹ අහසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලාංකිකයන්ට දැකගත හැකිවනු ඇතිබව එම ආයතනය පවසයි. 20 December 2017
මැතිවරණ නීති උල්ලංඝණය ගැන පොලිසියට පැමිණිලි 8ක් පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. 20 December 2017
නිදහස් චතුරස්‍රය නත්තලට සැරසේ කොළඹ නිදහස් චතුරස්රයේ ආකේඩ් සංකීර්ණය නත්තල් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදු විය. 20 December 2017
වෑන් රථයේ ගැටී පැදිකරු මරණයට හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගල් ඔය හතරැස්කොටුව හංදියට නුදුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා අද (20) අනතුරක් සිදූ වී ඇත. 20 December 2017
දකුණු අර්ධයට වැසි වැඩිවෙයි දිවයීන ආසන්නයේම ඇතිවී තිබෙන තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්,බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ දකුණු අර්ධයේ මිලි මීටර්100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(20) සවස නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ. 20 December 2017
ජොන්සන් කල්ලියේ නායකයා අත්අඩංගුවට උතුරු පළාතේ නිවෙස්වලට කඩා වැදී පුද්ගලයින්ට කඩු සහ මන්නා පිහිවලින් පහර දී රන් බඩු හා මුදල් කොල්ල කෑමේ නිරත අපරාධ කල්ලියක් වන ජොන්සන් කල්ලියේ නායක ජොන්සන් සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ලූකස් මුලතිව් පුදුකුඩුඉරුප්පු පොලිසියේ කණ්ඩායමක් විසින් අද(20) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 20 December 2017
නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. 20 December 2017
කුකුළන් 6ක් පිඹුරෙකුට ගොදුරුවෙයි අනුරාධපුර කලත්තෑව, කුඩා කලත්තෑව ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවට ඇතුලු වී කුකුළන් හය දෙනෙකු ගොදුරු කරගෙන සිටි පිඹුරෙකු වනජීවී නිලධාරීන් අල්ලාගෙන අද (20) විල්පත්තුව රක්ෂිතයට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය. 20 December 2017
අලි මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 20 December 2017
මහර බන්ධනාගාරයට කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් බන්ධනාගාර ගතවුවන් පුනරුත්ථාපනය කිරීමට කායවර්ධන පුහුණුව සහ ක්‍රීඩාව යොදාගැනීමට තමන් අපේක්ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය. 20 December 2017
‘අක්බාර් ටවුන් යළි එඩේරමුල්ල කරනවා’ - ඇමැති ෆයිසර් මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය. 20 December 2017
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක් ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද(07) උද්ඝෝෂණයක නිරත විය. 20 December 2017
තේ- ඇස්බැස්ටෝස් අතර සම්බන්ධයක් ඇතැයි ඇමැති නවීන් කියයි ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත්, ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචි ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 20 December 2017
උතුරට සංහිඳියාවේ නාලිකාවක් උතුරු නැගෙනහිර පළාත් ජනතාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ ‘සංහිඳියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 20 December 2017
දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප නෑ වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටියදි එම ගජමුතු දෙකද සමග සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර සිටින ග්‍රාම නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැරීම මහව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි මහතා අද (20) යළි ප්‍රතික්ෂේප කළේය. 20 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026