දකුණු අර්ධයට වැසි වැඩිවෙයි දිවයීන ආසන්නයේම ඇතිවී තිබෙන තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්,බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ දකුණු අර්ධයේ මිලි මීටර්100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(20) සවස නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ. 20 December 2017
ජොන්සන් කල්ලියේ නායකයා අත්අඩංගුවට උතුරු පළාතේ නිවෙස්වලට කඩා වැදී පුද්ගලයින්ට කඩු සහ මන්නා පිහිවලින් පහර දී රන් බඩු හා මුදල් කොල්ල කෑමේ නිරත අපරාධ කල්ලියක් වන ජොන්සන් කල්ලියේ නායක ජොන්සන් සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ලූකස් මුලතිව් පුදුකුඩුඉරුප්පු පොලිසියේ කණ්ඩායමක් විසින් අද(20) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 20 December 2017
නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. 20 December 2017
කුකුළන් 6ක් පිඹුරෙකුට ගොදුරුවෙයි අනුරාධපුර කලත්තෑව, කුඩා කලත්තෑව ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවට ඇතුලු වී කුකුළන් හය දෙනෙකු ගොදුරු කරගෙන සිටි පිඹුරෙකු වනජීවී නිලධාරීන් අල්ලාගෙන අද (20) විල්පත්තුව රක්ෂිතයට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය. 20 December 2017
අලි මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 20 December 2017
මහර බන්ධනාගාරයට කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් බන්ධනාගාර ගතවුවන් පුනරුත්ථාපනය කිරීමට කායවර්ධන පුහුණුව සහ ක්‍රීඩාව යොදාගැනීමට තමන් අපේක්ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය. 20 December 2017
‘අක්බාර් ටවුන් යළි එඩේරමුල්ල කරනවා’ - ඇමැති ෆයිසර් මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය. 20 December 2017
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක් ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද(07) උද්ඝෝෂණයක නිරත විය. 20 December 2017
තේ- ඇස්බැස්ටෝස් අතර සම්බන්ධයක් ඇතැයි ඇමැති නවීන් කියයි ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත්, ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචි ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 20 December 2017
උතුරට සංහිඳියාවේ නාලිකාවක් උතුරු නැගෙනහිර පළාත් ජනතාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ ‘සංහිඳියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 20 December 2017
දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප නෑ වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටියදි එම ගජමුතු දෙකද සමග සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර සිටින ග්‍රාම නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැරීම මහව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි මහතා අද (20) යළි ප්‍රතික්ෂේප කළේය. 20 December 2017
වෛද්‍ය සිසුවිය ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවයි දින 12ක් වයසැති තම පිරිමි දරුවා රාත්‍රි කාලයේ තනිකර බෙහත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවිය සම්බන්ධයෙන් ලබන ජනවාරි 12 වැනිදා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද නියෝග කළේය. 20 December 2017
තායි භික්ෂු 41 නමක් සාම පාගමනක තායිලන්තයේ සිට මෙරටට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා 41 නමක් සහ තායි ජාතිකයින් 20 දෙනෙක් කටුනායක සිට මිහින්තලය දක්වා සාම පා ගමනක් ආරම්භ කර ඇත. 20 December 2017
‘මහින්ද පොහොට්ටුවට යන්නේ නෑ‘- අමුණුගම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලගෙදර ආසනයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා අද(20) නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. 20 December 2017
පොහොට්ටුව උසාවි යයි පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද (20) බාර දුන්නේය. 20 December 2017
අල්ලස් පනත සංශෝධනයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේය. 20 December 2017
අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගියි ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා දෙමල ප්රගතිශීලී සන්ධානය වෙනම තරග කරන බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද(20) කොළඹදී පැවසීය. 20 December 2017
අහංගම බැංකු කොල්ලයේ ලොක්කා හමුදා කපිතාන්වරයෙක් අහංගම රාජ්‍ය බැංකුව කොල්ලකෑමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බූස්ස යුද හමුදා කදවුරේ සන්නාහ සන්නද්ධ බළකායේ අවි ආයුධ ගබඩාවේ අධීක්ෂණ නිලධාරී වශයෙන් කටයුතු කළ යුද හමුදා කපිතාන්වරයකු බව හෙළී වී ඇත. 20 December 2017
පෙරදා හමු වු සාම්පුර් නටබුන් පසුදා ඩෝසර් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි. 20 December 2017
ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 20 December 2017
මධ්‍යම කඳුකරයට තද වැසි සමඟ ඝන මීදුමක් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (20) සිට අධික වර්ෂාව ලැබෙමින් පවතී. 20 December 2017
දඹුල්ලේ කුණු අල හා ලූනු කුණු කොල්ලයට අලෙවි කරති ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන ඉන්දියාව පකිස්ථානය චීනය ආදී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්තාපල් අල හා ලොකු ලූනු ආනයනය කිරීම මහා පරිමාණයෙන් සිදුවෙන බවත් පාරිභෝගිකයන් පිළිබඳව සිතා රජය ආනයනය කරන අර්තාපල් සහ ලොකු ලූනු සඳහා පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ නුසුදුසු තත්වයේ ආහාර ගෙන්වීම සිදුකරන බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති. 20 December 2017
තවත් ගල් අඟුරු බලාගාර දෙකක් මෙගාවෝට් 600 ක ධාරිතාවෙන් යුත් තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමේ යෝජනාවක් අද (19) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇත. 20 December 2017
එජාපයෙන් හෙළ උරුමයෙන් ශ්‍රීලනිපයට මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ. 20 December 2017
ඇස්බැස්ටස් තහනම කල් යයි ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 19 December 2017
හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. 19 December 2017
එජාප නාම යෝජනා සකස්කර අවසන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂක ලැයිස්තු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19දා) අනුමත කර තිබේ. 19 December 2017
යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබියෙන් වනසයි සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ පවසයි. 19 December 2017
නියං ආධාර වල ප්‍රමිතියෙන් තොර සහල් මහකුඹුක්කඩවල වල්පාළුව ගම්මානයේ ජනතාවට නියං ආධාර යටතේ ලබා දී ඇති සහල් ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ ඒවා බව කියමින් ජනතාව අද (19) දින විරෝධතාවයක් මතු කර ඇත. 19 December 2017
කොළඹ පුරපති තරගෙට එජාපෙන් රෝසි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 19 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026