තායිවාන් නව නිපැයුම් තරගයෙන් ලංකාවට ජය තායිවානයේදී පසුගියදා පැවති කා ඕෂියුං ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිව තිබේ. 18 December 2017
නැකැත් නැතැයි කියමින් නිවාස හැදීම ප්‍රමාද කරති ගංවතුරින් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය දී මුදල් ලබා දීමට ද කටයුතු කර තිබිය දී නැකැත් නැතැයි කියමින් නිවාස සෑදීම ප්‍රමාද වී ඇතැයි අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 18 December 2017
ගොවිජන මධ්‍යස්ථානවලට පොහොර මෙට්‍රික් ටොන් 7000ක් ගොවිජන මධ්‍යස්ථාන 100ක් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් අද(18) බෙදා හැරුණු බව ලංකා පොහොර සමාගම පවසයි. 18 December 2017
පාසල් පොත් බෙදා දෙන්න මැතිවරණ කොමිසමට එන්න කියයි මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමට මැතිවරණ නීතිරිති හමුවේ සිදු කළ නොහැකි බවට එම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අඹන්ගගකොරේදී අද (18)නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. 18 December 2017
වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක් අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 18 December 2017
වී සොරුන්ට ඇප හිගුරක්ගොඩ කවුඩුල්ල ගම්මානයට වී මිලදි ගන්නා මුවාවෙන් පැමිණ වංචනික ලෙස වී සොරකම් කළැයි කියන ව්‍යාපාරික පිරිසක් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපමත නිදහස් කිරීමට හිඟුරක්ගොඩ දිසා අධිකරණය නියෝග කළේය. 18 December 2017
ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජගත් පී. විජේවීර මහතා අද (18) එහි රාජකාරී කටයුතු ආරම්භ කළේය. 18 December 2017
මැලේසියා අගමැති ජනපති අතර හමුවක් තෙදින නිල සංචාරයක් සහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුවක් අද (18) ජනපති කාර්යාලයේ දී පැවැත්විණි. 18 December 2017
මන්ත්‍රී සකවුල්ලා ශ්‍රීලනිපයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම්. සකවුල්ලා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්විය. 18 December 2017
සෞදියේ මියගිය කතගේ දේහය ලබන සතියේ ලංකාවට සෞදියේ සේවය කළ නිවසේ උඩු මහලෙන් ඇද වැටී ඉකුත් නොවැම්බර් 11 දා මියගිය දඹුල්ලේ නෙල්කා දීපානි කුමාරසිරි ගේ දේහය ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 18 December 2017
දළ ඇතා මැරූ ගොවියාට ඇප නෑ විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගොවියකු ඇප මත මුදා හැරීම කැකිරාව දිසා විනිසුරු සහ මහ්සේත්රාත් දුලාන් වීරවර්ධන මහතා අද(18) ප්‍රතික්ෂේප කළේය. 18 December 2017
පුංචි ඡන්දය පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය. 18 December 2017
පිං කැටය කඩා පැනයද්දී දිට්ඨධම්මවේදනීය කර්මය පළදෙයි කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව රෝහල් ගත කරනු ලැබ ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 18 December 2017
ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය. 18 December 2017
ගිනි අවි සමග හිටපු සෙබළෙක් අත්අඩංගුවට ගිනි අවි තුනක් හා උණ්ඩ 34ක් සමග හිටපු හමුදා සෙබළකු හෝමාගම, පිටිපනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2017
බීමතින් යතුරුපැදියේ ගිය කත අත්අඩංගුවට බීමතින් අධික වේගයෙන් යතුරුපැදියක පැමිණි කාන්තාවක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 18 December 2017
රියැදුරු-කොන්දොස්තර කඩේ තේ බොද්දී ලංගම බසය පැහැරගෙන ගිහින් ශ්‍රී ලංගම බස් රථයක් සොරාගෙන යමින් සිටි පුද්ගලයකු එම බස් රථයද සමඟ සිකුරාදා (15) සවස අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 18 December 2017
හබරාදුවේ පුද්ගලයෙක් කපා දමලා හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපා මරාදමා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 18 December 2017
උල් ආයුධ තොගයක් සමග 11ක් සැකපිට විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කළ පුද්ගලයින් 11 දෙනකු බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2017
කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ හිරවෙලා වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත. 17 December 2017
හොරණ ශ්‍රීලනිප නාමයෝජනා පත්‍ර පැහැරගත්තැයි පැමිණිල්ලක් හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. 17 December 2017
ඖෂධ සංස්ථා සේවක වැටුප සියයට 50කින් වැඩිවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. 17 December 2017
තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් එරටට යෑමට නියමිතය. 17 December 2017
බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 December 2017
චීන ජාතිකයෝ 100 ක් කොළඹදී අද යුග දිවියට චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබිණ. 17 December 2017
දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්විණි. 17 December 2017
කැප්රා කෘමියා ඇතුළු වුණේ වෙනත් වරායකින් - ඇමති මතය රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවසීය. 17 December 2017
තැපෑලත් වර්ජනයකට සැරසෙයි තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි. 17 December 2017
හිටපු ජනපති කතරගම පුදබිමට යයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (17) දහවල් කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරත විය. 17 December 2017
එල්ටීටීඊ රත්තරං සොයන්නට ගිය තුනක් කොටුවෙති එල්.ටි.ටි.ඊ පැරණි කඳවුරක් තුල සඟවා තිබෙන රත්‍රං තොගයක් සොයා මුලතිව් විශ්වමඩු ආදිවිනයාගර් කෝවිල අසල බැකෝ යන්ත්‍රයකින් කැණීම් සිදුකළ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි. 17 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026