ඇල සුද්ධ කරද්දි අත්බෝම්බයක් හමුවෙයි බකමූණ, අත්තනකඩවල බිංගේ මුදුන ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයකින් වාරි ඇලක් සුද්ද කරමින් සිටියදී අද (17) උදේ 10.00 ට පමණ විදේශ රටක නිපදවන ලද ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි පොලීසිය කියයි. 17 December 2017
මැලේසියානු අගමැති එයි මැලේසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා නිල සංචාරයක් සඳහා අද(17) ශ්‍රී ලංකාවට පැමිණියේය. 17 December 2017
උද්ඝෝෂණයක් නිසා කොළඹ-බදුල්ල මාර්ගය අවහිරවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල මරංවලදී හරස්කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. 17 December 2017
ගම්පහ රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අපද්‍රව්‍ය දාහකයෙන් පිලිස්සීම් කටයුතු සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විරුද්ධත්වය පළකිරීම මත දින ගණනාවක සිට අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ. 17 December 2017
අලුත්වැඩියා කළ මාර්ගය දින කිහිපයකින් ගිලා බසී. රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයයි. 17 December 2017
බහින්බස්වීමකින් හිමිනමක් ඇතුළු දෙදෙනෙක් රෝහලේ පුද්ගලයෙකු සමග ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත. 17 December 2017
විදුලිසැර වැදී අයෙක් රෝහලේ අධි බලැති විදුලි රැහැණක් මතට නැමී තිබූ ගසක අත්තක් කැපීමට ගිය මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පුද්ගලයෙකු අද (17) උදෑසන විදුලිසැර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත. 17 December 2017
පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට පැය 4 ක මෙහෙයුමකින් ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 16 December 2017
නිවිතිගල බස්නැවතුම්පොළ අගමැති අතින් විවෘත කෙරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින නිවිතිගල නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ සහ වෙළෙදපොළ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය. 16 December 2017
හැරි කුමරුගේ විවාහය මැයි 19 දා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ඇමරිකානු ජාතික මේඝන් මාකල්ගේ විවාහය වර්ෂ 2018 මැයි 19වන දින සිදුකිරීමට නියමිත බව කෙන්සින්ටන් මාළිගාවේ පිහිටි හැරී කුමරුගේ කාර්යාලය නිවේදනය කර ඇත. 16 December 2017
රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් .... රාජ්‍ය නත්තල් උත්සවය 2017 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 16 December 2017
ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි ගල්ගමුව දිගන නිවාස බිද දමා වගාවන් වලට හානි සිදු කල “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතා පවසයි. 16 December 2017
කාන්තාවන් රට යවන අනංගයා අල්ලයි ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන් සංචාරක විසාවලට ගෘහ සේවයට වෙනත් රටවල පිටත් කරන ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත කාර්යාලය ගලේවෙල ප්‍රදේශයෙන් සොයා ගනී. 16 December 2017
මුරකරුට පහර දී සඳුන් ගස කපති අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා භූමියේ තිබූ අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයකින් යුත් වටිනා සඳුන් ගසක් අද(16) අලුයම පුද්ගලයින් සිව් දෙනෙකු විසින් කපා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම පුද්ගලයින් ප්‍රාදේශීය සභාවේ මුරකරුට පහර දී ඔහුගේ දෑස් බැඳ මෙම සඳුන් ගස කපා ගෙන ගොස් තිබේ. 16 December 2017
මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. 16 December 2017
ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරගන්නා ලදි. ඔවුන්ට පත්වීම් ලිපි අද(16) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ප්රදානය කෙරිණ. 16 December 2017
පොලොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙක් දිවිනසාගනී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි 15 හැවිරිදි අයෙකු අද(16) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 16 December 2017
ඩී. එස්. සේනානායක වට රවුම අසළ මළ සිරුරක් අනුරාධපුර නගරයේ ඩි.එස්.සේනානායක වට රවුම ආසන්නයේ තිබු පුද්ගලයෙකු ගේ මළ සිරුරක් අද (16) දින උදැසන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. 16 December 2017
පොලිස් කොමිසම ශක්තිමත් මදිලු ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් විය යුතු යැයි මෙරට සංචාරයක එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීහූ කොළඹදී අද (15) ප්‍රකාශ කළහ. 15 December 2017
ලංකාවෙ නිෂ්පාදනවලට රුසියාවෙන් තාවකාලික තහනමක් ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. 15 December 2017
හලාවත එජාප සංවිධායක ශ්‍රීලනිපයට හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 15 December 2017
’ශ්‍රිපාදස්ථානය අඹගමුව ප්‍රා.සභාවෙන් වෙන් වීමෙන් ගැටුම් ඇතිවෙනවා’ අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ. 15 December 2017
පාතාලයේ සිව් දෙනෙක් පොලිසියට කොටු වෙති මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රබල පාතාල සමාජිකයකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
උත්සව සමයේ කොළඹ ආරක්ෂාව වැඩි කරයි උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා පිටකොටුවට පැමිණෙන ජනතාව සොරුන්ගෙන් හා ගැටකපන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අද (15) විශේෂ අපරාධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 15 December 2017
දළ පුට්ටාවාගේ දළ ගැන රසායන පරීක්ෂණ අරඹයි අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ජාතික සවෝද්යානයට රැගෙන ආ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ සම්බන්ධයෙන් රසයානාගාර පරික්ෂණ කටයුතු ඇරඹු බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය අද (15) ප්‍රකාශ කළාය. 15 December 2017
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය. 15 December 2017
ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 15 December 2017
අල්ලස් ගත් පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ් රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය බාරයේ ඇති රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් 3000 ක අල්ලස් ලබාගත් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
ලෝටස් පාර තාවකාලිකව වසයි විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සහ කොළඹ ලංකා බැංකුව පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. 15 December 2017
ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක් ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 15 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026