(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ.ඩී. දේවප්‍රිය)
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බව කියන මහසෙන් දේවාලයේ හිටපු කපුවා ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු මීට සුළු මොහොතකට පෙර පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
සෙසු සැකකරුවන් දෙදෙනා නිවුන් සහෝදරයන් බව ද පොලිසිය පවසයි.
පසුගිය 12 වැනි දා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ධම්මින්ද හිමියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට තංගල්ලට රැගෙන යන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැපිලියානේ කිව්වේ සුනේත්‍රාදේවි පිරිවෙනේදීද?
මමනම් හිතන්නේ කතරගම සියලුම දේවාල රජයට පවර ගන්න ඕනේ. ඒ වගේම කිරි වෙහෙරත්. අපි හැමදාම දකින්නේ කපුවොයි හංමුදුරුවරුයි සල්ලි වලට මරා ගන්න එක. මේක බුද්ධාගමටත් කරන නින්දාවක්, මුන් දෙගොල්ලොම සල්ලි නිසා මරා ගන්නවා. අනිත් තැන වලත් මෙහෙම තමා. ඒ හැම ස්ථානයක්ම රජයට පවර ගත්තනම් හොර කපුවොත් නැති වෙයි.
කපුවා දීල තියන ගේම් එකේ හැටියට ආරක්ෂක අමාත්‍යංශයේ ලොකු පුටුවක් හොබවන්න උනත් සුදුසු කම් තිබෙනවා.
මොවුන්ව මහා පරිමාණ මත් ද්‍රව්‍ය වෙළෙන්දන් වශයෙන් සලකා ඇප නොදී නඩු ව්භාගය ඉවර වනතුරු රිමාන්ඩ් භාරයේ තියන්න.
දෙව්‍යන්ට කියල මේ කාලකන්නින්ට දෙන තුටු පැදුරු අපරාදයක්
මේ සිද්ධියට සැකකරුවෙක් ඉන්නවා . ලසන්තව සත්වයන් ඝාතනයට යොදාගන්නා කුරකින් ඇන මරාදාපු පුද්ගලයා හෝ ඊට අණදුන් පුද්ගලයෙක් අද වෙනතුරුත් හොයාගෙන නැහැ ..අනේ කාලේ වනේ වාසේ ..
එකිනෙකාට මඩ ගහ ගන්නේ නැතුව හරියට පරීක්ෂණ කරල නිසි දඬුවම් දෙන්න දැන්. කොච්චර මඩ ගැහුවත් වැඩක් නැහැ . මිනිස්සු දන්නවා මොකක්ද කරන්න ඕනේ කියල ඊළඟ පාර .