(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව පළගතුරේ මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදහන් වූබව පැවසෙන සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (16) උදෑසන කම්මල්තොට මුහුදු වෙරළට ගොඩගසා තිබියදි මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
රළු මුහුදේ දියනෑමට ගොස් අතුරුදහන් වු එක් අයෙකු මෙතෙක් හමුවී නැතැයි ද ඔහු සොයා නාවික හමුදාව එක්ව ධීවරයන් මෙහෙයුමක් දියත්කොට ඇතැයිද වාර්තා වේ. සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් කම්මල්තොට මුහුදු වෙරළට පැමිණෙමින් සිටිති.
මියගිය සිසුවා දළුවකොටුව ජනපද මාවතේ පදංචි මහේෂ්චතුරංග නැමැති දරුවකු බව පොලීසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd