(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යහ පාලන ආණ්ඩුව මගින් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය.
2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ප්‍රධානය කිරීම සදහා පැවති උත්සවයේ දී ඔහු ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සමරවීර මහතා මෙසේද කීය.
“අපේ රජය මේ වන විට ජනතාවට සහන දෙන්න පටන් අරගෙන තිබෙනවා.ඔවුන් කිසිවිටෙකත් පීඩාවට ලක් කරන්න රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට හොද දැක්මක් වගේම ඉලක්කයකුත් තිබෙනවා. ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරෙනවා.
ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක් ම සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩි දියුණු කරනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද නියමිත යි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වෙනවා. ඒ තුළින් වඩා හොද ශක්තිමත් ආර්ථිකයක් රටේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු දවසේ ඉඳන්ම සංවර්ධනය කරනවා කියනවා මිසක් තවම කරපු දෙයක් නම් නැහැ. ඕක ගම්පෙරලිය වෙයිද? පෙම්පෙරලිය වෙයිද? දන්නේ දෙයියෝ තමයි.
සෞඛ්‍ය සේවයට බදු ගහන්නේ අමනුෂ්‍යයින්...
මේ රජය විසින් වැට් එක වැඩි කරලා ජනතාවට සහන දෙන්න තිබුණු ගානටම ගේනවලු...
හොඳ තීරණයක්... දොස්තර මුදලාලිලාගේ අාදායම් බදු අඩුනොකර මහජනයාට සහනයක් දුන්නට ඔබට ස්තුති වේවා !!!.
සමනල්ලු කියන කතා... නැද්ද හා?
ඇත්තටම මුදල් ඇමතිද? නැතිනම් පගා ඇමැතියෙක්ද? දන්නේ නැහැ. පුද්ගලික රෝහල්වලට යන්නේ සල්ලි ඇත්තෝය. සමහරවිට සෞඛ්‍ය ඇමතිගේ පරිපාලන දක්ෂතාවය නිසා රජයේ වෛද්‍යවරයා ටෙස්ට් ටික පෞද්ගලික රෝහල් වලින් කරන්න කියලා ලියලා දෙනවා. ඵ් වේලාවට නම් මුදල් නැති අයත්... පෞද්ගලික රෝහල්වලට යනවා. ඵහෙව් ඵකට බදු නිදහස අවශ්‍ය නැත. දවසට ඵක වේල කන මිනිසුන්ගේ අවශ්‍යම බඩුවල වැට් අයින්කරන්න.
ඔබතුමාලා ආපු දවසේ ඉඳලා කියපුවා කෙරිලා තිබුණා නම් අපේ රට මේතරම් ප්‍රපාතයට වැටෙන්නේ නැහැ මහත්තයෝ. මිනිසුන්ගෙන් පළිගැනීම් කරන එක හරියට, තිතටම කළාට රටේ දුප්පත් මිනිසුන්ගේ බඩට දැනෙන්න දෙයක් කළේ නැහැ ඇමැතිතුමනි. ඒක ඔබතුමාලා පිළිගත්තත්, නැතත් ඇත්තම කතාව ඒකයි මහත්තයෝ. අපේ රට ආපස්සට යන්න ප්‍රධානතම හේතුව තමුන්නාන්සේලාගේ කියවිල්ල විතරයි... වැඩක් කරලා පෙන්නුවේ නැහැ.
රවී තමයි හතර අතටම වැට් එක ගැහුවේ. මංගලත් මේ වෙනතුරු හිටිය සද්ද නැතුව... දොස්තරලත් මුකුත් කිව්වේ නැහැ. ලෙඩ්ඩුන්ට වැට් ඇටෑක් කරනකොට නමුත් දොස්තරලගේ බද්ද දෙගුණයට උස්සන කොටතමයි එයාලට ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් ඇතිවෙලා තියෙන්නේ. අනේද කියන්නේ?
ආපු දවසේ ඉඳලාම දානවා... අයින් කරනවා. කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ.