IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි

සුජිත් හේවාජුලිගේ

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇතැත් ඒ නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය වු ස්ථානයේ සිටි හෙයින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ට වෙඩි තැබීමට හැකියාව තිබූ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳ අද හෙටම ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද ප්‍රකාශ කළේය.

කිරින්ඳ රාජ මහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මේ වන විට ප්‍රදේශයේ පලා ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ  නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 8ක් පිටත් කර යවා ඇති බවත් රුවන් ගුණසේකර මහත් කීය.

ඔහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන්තොටුපළට දී ඇත.

මේ සැකකරු දැනට තැනින් තැනට යමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු ගැවසී ඇති ස්ථාන විස්සක් පමණ පසුගිය දිනවල පොලිසිය විසින් පරීක්ෂා කර ඇති බවත් ගුණසේකර මහතා පැවසීය.

රුවන් ගුණසේකර මහතා අද (15) පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

‘‘මේ සැකකාර කපු මහතා පිළිබඳව දැනට තොරතුරු ගණනාවක් ලැබී තිබෙනවා.අද හෙටම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවේවී කියලා බලාපොරොත්තු වෙනවා.

පරීක්ෂණ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනවා . නායක හිමියන් මීට ඉහතදී කළ පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සැකකරුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කරගෙන තියෙනවා.ඔහු ගැන විමර්ශනයක් කරලා තිබුණා.ඒ පැමිණිල්ලත් මේ නඩුවට ඉතා වැදගත් වෙනවා.‘‘



අදහස් (36)

සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි

සෙනෙවි Friday, 15 June 2018 03:11 PM

අදනේ අපි දන්නේ බුද්ධ පුත්‍රයන්ටත් සිකියුරිටලා ඉන්න බව.. මුස්ලිම්, දෙමළ අයගෙ‍න්, අැන් ජී ඕ කාරයන්ගෙන් නැත්තම් පල්ලියෙන් බේරෙන්නද? ඕකයි ලංකාවේ බුද්ධාගමේ තත්වය... සල්ලි, පඬුරු, පූජාවට්ටි වෙන මොනවද?

:       2455       1767

ලපයා Saturday, 16 June 2018 03:46 AM

සෙනෙවි, මෝඩකම තිබුණට අදහස් වලින් ඒක ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න එපා.

:       22       246

Mahasenavi Saturday, 16 June 2018 11:21 PM

ලපයගේ ගොන් කතාවට - මමත් අහන්නේ මේ යට සිකියුරිටි මොකටද. කාගෙන් බේරෙන්නද ? .

:       0       0

BamunuarachchiMonday, 18 June 2018 12:44 AM

මෝඩ කමට බෙහෙත් නැතිලු නේද ?

:       0       0

samanSaturday, 16 June 2018 06:19 AM

මුකුත් දන්නේ නැතුව මෝඩ අදහස් දාන්න එපා සෙනෙවි... මීට කලින් ඇවිල්ලා තුවක්කු පෙන්නලා තර්ජනය කරලා ගියපු නිසා තමයි ආරක්ෂාව දීලා තිබ්බේ. ලයික් දාලාතියන ගොඩ දැක්කම පේනවා... අද රටම පාතාල රාජ්‍යයක් වෙලා තියෙන්නේ මොකද කියලා... මොන බොරුව දැම්මත් හිස්මුදුනින් පිළිඅරගන්නවා.

:       73       387

LashanSaturday, 16 June 2018 09:54 AM

මේ ස්වාමීන් වහන්සේ අහනවා ඇයි වෙඩි තිබ්බේ නැත්තේ කියලා... ? කෝ අවිහිංසාවාදය?

:       326       117

NuwanSaturday, 16 June 2018 07:31 AM

ඔබ කියල තියනදේ සහතික ඇත්ත. එ්ක නිසයි මෙපමණ ඩිස්ලයික් දාලා තියෙන්නේ... ඇත්ත තිත්තයි

:       145       29

BamunuarachchiSaturday, 16 June 2018 01:11 PM

වෙඩිතිබ්බේ නැත්තේ ඇයි කියා සොයා බලන්න කීවේ පොලිස්පති. ඒ හින්දා අවිහිංසාවාදය ගැන පොලිස්පතිගෙන් අහන්න. අනේ මෙහෙමත් මිනිස්සු. සිරි ලංකාවටම ආවේණිකයි...

:       0       218

BamunuarachchiMonday, 18 June 2018 12:42 AM

ඔබ නොදන්නා දේ බොහොම තිබෙනවා කොටින්ම මේ භික්ෂුවට පොලිස් ආරක්ෂාව දෙන්නේ ඇයි කියලාවත් ඔබ දන්නේ නැත. ඉතිහාසයේ කියවෙන විදිහට දෙවියන් ඇදහිල්ල බුද්දාගමට එකතු උනේ රට පාලනයකළ නායක්කර් වංශික රජුගේ කාලයෙන් පසුවය. දේව විස්වාසය අපිට ඉන්දියාවෙන් බෝවූ ලෙඩක්ය.

:       0       0

sanath Friday, 15 June 2018 03:58 PM

කපුවා පාතාලයෙක් නම් රිටර්න් එක ෂුවර් බව දන්න නිසා අහක බලාගෙන ඉන්න ඇති.

:       21       289

wimal Friday, 15 June 2018 05:20 PM

උන් වහන්සේ දැන්වත් දැනගන්න සේක්වා "අවි ගත්තෝ අවියෙන්ම නසිති "කියල .මේ බුදු පුත්ත්රයෝ ද?මේ ගමන කුමක් ද? මට හොඳටම අබ්ලික්.

:       0       0

අමා Friday, 15 June 2018 05:44 PM

වෙඩි තියලා සැකකරුවන් මලොත්, ඔය කියන සුන්දර කතා නෑ. වෙඩිතියපු කෙනා අමාරුවේ. යහපාලන තියරිනේ දැන් තියෙන්නේ...

:       0       72

Shan Friday, 15 June 2018 07:29 PM

හාමුදුරුවන්ටත් පොලිස් ආරක්ෂාව. සමහරු පන්සලේ හාමුදුරුවරු, එළියේ වෙනත් අය ලෙස වෙස්වලාගෙන. තවත් අය හිරේ. මහනායක හිමිවරු මොකද කරන්නේ?

:       5       26

rasika Friday, 15 June 2018 07:59 PM

අර කෝකටත් තෛලය වගේ ඔය වෙඩි තියපු එකටත් අල්ලන්න ගියේ වෙන කෙනෙක්ව නේද?

:       0       50

Mahee Friday, 15 June 2018 10:18 PM

ඒ කපුවා අහුවෙනවා නම් මම කැමතියි. ඒ මොකද දන්නවද, මේකේ මොකක් දෝ එලි නොවුණු රහසක් තියෙනවා කියල පෙනෙන නිසා... අන්න ඒක මොකක්ද කියල දැන ගන්න පුළුවන් මිනිහ අහුවුනොත්.

:       0       37

BamunuarachchiTuesday, 19 June 2018 07:16 AM

කපුවා කියලා තිබෙනවා එයාව දෙවාලෙන් පන්නපු නිසා ලක්ෂ ගණනක් පාඩුයි ඒ නිසා මෙහෙම කළා. එයාට ලක්ෂ ගණනක් පාඩුවෙන්න දෙවියන් පසුපස යන අය කොපමණ ඉන්නවද කියලා හිතන්න පුළුවන්.

:       0       0

රවින් Friday, 15 June 2018 11:16 PM

කුට්ටිය? කුට්ටිය හම්බවෙලා වෙන්නැති.

:       73       28

sam Saturday, 16 June 2018 01:59 AM

බුදුරජාණන් වහන්සේ නම් දේශනා කලේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී , ඒ කියන්නේ ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින් ආරක්ෂා කරයි කියලයි. එහෙම නැති අයව නම් පී එස් ඩී එක දාලාවත් බේරාගන්න බැහැ.

:       0       2133

AsankaSaturday, 16 June 2018 10:16 AM

"ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින් ආරක්ෂා කරයි" මෙහෙම වෙන්නේ ධර්මයේ හැසිරුනොත්නේ...

:       0       49

BamunuarachchiSunday, 17 June 2018 05:36 PM

බුදුන් වහන්සේට දෙවිදත්ත ගල් පෙරලුවේ බුදුන් දර්මයේ නොහැසිරුණ නිසාද? දන්නදේ හරි වෙලාවට හරි තැනදී හරියට පාවිච්චි කොරන්න.

:       10       0

rocky Saturday, 16 June 2018 02:20 AM

අපට දැන ගන්න ලැබෙන හැටියට මේක දේපල පිළිබඳ හුටපටයක්. හාමුදුරුවන් නඩු පවරලා එකෙන් උන්වහන්සේට මහසෙන් දේවාලේ අයිති වෙලා. දෙයියන් කෝපවීම කරණකොටගෙන කපුවා ආවේෂවෙලා. ආරක්ෂාවට හිටපු පොලිස් කාරයෝ දුෂ්ටයන්ට වෙඩි තිබ්බා නම් ඒ මිනිස්සු අමාරුවේ වැටෙනවා. වෙඩි නොතිබ්බත් වැරදියි.. තිබ්බත් වැරදියි. යකාගේ වැඩක්. දෙයියන්ගෙන් බේරෙන්නත් ඕනෑ.. ආණ්ඩුවෙන් බේරෙන්නත් ඕනෑ.

:       52       180

සතයපාල Saturday, 16 June 2018 04:51 AM

පංසල ඇතුලේ වෙඩි තියන්නේ කොහොමද කියලා සිතන්න ඇති ...

:       30       15

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 16 June 2018 05:16 AM

සියල්ල අත හරිනවද? නඩු කියලා අල්ලා ගන්නවද? ගාර්ඩ් එක දාගෙන බණ කියනවද?

:       91       23

samanSaturday, 16 June 2018 06:24 AM

පන්සල, ගම, රට හැමදේම දන්දීලා මුහුදට පනින්න තමයි ඕනේ.. නේද?

:       31       172

BamunuarachchiSaturday, 16 June 2018 01:31 PM

එහෙමයි බොහෝ සිංහල බෞද්ධයෝ හිතන්නේ. හැබැයි පාංශුකූලේට හාමුදුරුකෙනෙක් වඩම්මනවා. බෞද්ධ කටයුතු ඇමති මුස්ලිම් කෙනෙක් වුනානම් පල්ලියෙන් ලෙබ්බේ කෙනෙක් එවාවි පාංශුකූලේට. මේවා පලකරන්න ඊනියා සිංහලයින්ට පහර දෙන්න පුළුවන් මේ විදිහටයි.

:       3       70

BamunuarachchiSaturday, 16 June 2018 01:22 PM

සිවුර පොරවාගත්ත පළියට නිකන් මැරෙන්නද කියන්න. ජීවිතයට තර්ජනයක් තිබෙන බව දැනගෙන පොලිසිය ආරක්ෂාව දුන්නා එහි ඇති වැරද්ද මොකක්ද? ආරක්ෂාව තිබිලත් වෙඩි තිබ්බා නම් ආරක්ෂාවත් දුර්වලයි. වැරැද්ද පන්සල් භූමිවල දේවාල අටවා ගැනීමට දීමයි.

:       1       36

vidya Saturday, 16 June 2018 05:43 AM

දෙවියා මැව්වේ මිනිසාය. දේව මතවාදයෙන් ලොවට හානියක් වුනා මිස යහපතක් සිදුවී නැත.

:       0       97

sarath hettiarachchi Saturday, 16 June 2018 07:38 AM

ස්කන්ධා ඔබ අතෙත් යොදා තියෙනවා නේද? ඇයි බලාගෙන උන්නේ? (මෙයාගෙනුත් ප්‍රශ්න කරන්න)

:       0       0

Samathasena A . Aluthgama Saturday, 16 June 2018 08:42 AM

"ගිනි අවි තියෙන්නේ ලස්සන බලන්නද?" " නීතිය නසන මැරයන් ටික රකින්නද?" " තිබ්බේ නම් වෙඩිලි කපුවා දුවන්නද? " " වැඩකට නොමැති අවියෙන් ගිනි තපින්නද? "

:       0       533

පුෂ්පකුමාර Saturday, 16 June 2018 09:18 AM

අර කතරගම තියන මහා මන්දිරය අයිතිත් ඒ කපුවටමද?

:       0       431

rocky Saturday, 16 June 2018 03:16 PM

බමුණුආරච්චි මහත්තයෝ...., මම නම් දැනටමත් ලිඛිතව උපදෙස් දී තිබෙනවා මට මේ `බුද්ධපුත්‍රයන්` සම්බන්ධ වන පාංශුකූල නාටකයක් තියන්න එපායැ කියලා. මම ලේබල් බෞද්ධයෙක් නොවෙයි. බුද්ධ ධර්මය බොහොම උනන්දුවෙන් හදාරන කෙනෙක්. අද තිබෙන බෞද්ධ චාරිත්‍ර සමහරක් මෑත කාලයේ සකස් කර ගත් ඒවා බවයි මට නම් පෙනෙන්නේ. ඝාන්ඨාරය, නවගුණ වැල, සමහර පූජා, බෞද්ධයන්ට ලැබුනේ කොහෙන්ද කියල සොයා බැලුවොත් හොඳයි! බෞද්ධයෙකුට පන්සල සමග සම්බන්ධයක් අවශ්‍යමද යන්නත් ප්‍රශ්නයක් !!!

:       81       9

BamunuarachchiSaturday, 16 June 2018 04:14 PM

ඔබට මොකටද පාන්සකුලේ. පාන්සකුලේ දෙන්නේ සිංහල බවුද්දයෝ? ලේබල් කොහොම උනත් ඔබ බවුද්දයෙක් නොවන බව සහතිකයි. තොප්පිය හරිනම් දාගන්න.

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 11:52 PM

Rocky මහතා අන්න එහෙම එන්න නිස්කාරණයේ හාමුදුරුවරුන්ට දොස්කියන්නේ නැතිව. ඔබ පමණක් නොවෙයි කව්රුත් ලේබල් බවුද්දයෝ. යුරෝපීය ජාතිකයින් හැරෙන්න. අන්‍ය ආගමිකයිනුත් එහෙමයි. එකියන්නේ දෙමාපියන් අයත් ආගමට අපි ඉබේම අයිති වෙනවා. යුරෝපීයන් බුද්දාගමට ආවේ බුද්දාගම ගැන පැහැදිලා. පුද පූජා බොහොමයක්ම ආමිස පූජාවලට අයිතී. ආමිස පූජාවලින් නිවන ශාක්ෂාත් කරගන්න බැරිය. නමුත් එය නිවන නමැති ඩිග්රිය හෝ උපාධිය ලබා ගැනීමට ඉගැන්වූ මග පෙන්වූ ගුරුවරයාට තමාගේ කළගුණ සැලකීමකි. නවගුණවැල ඝාන්ටාරය බුද්දාගම නොවේ. අන් ආගම්වලත් ඕවා දක්නට ලැබේ. අපට නවගුනවල කතෝලිකයිට කොන්තය මුස්ලිම්වරුන් කියන නම දන්නේ නැත. මේවා ආගමේ නිතර මෙනෙහි කිරීමට මිනිසාම සදා ගත් දෙමිස ආගමික නායකයින් දේසනා කල දේවල් නොවේ.

:       0       0

SurenSunday, 17 June 2018 06:52 AM

බෞද්ධ නොවන අය කොහොමත් හාමුදුරුවො වඩම්මන්නේ නෑනේ. කොහොමත් ඔය කියන ඒවට පාංසකූලේ දීල ගොඩ ගන්න අමාරු වෙයි.

:       0       0

සෙනෙවි Saturday, 16 June 2018 05:07 PM

ආරක්ෂකයෝ ඉන්න බව හොදින් දනිමි. මරණ තර්ජන තිබේ නම් මගහැර නොසිටියේ හෝ අාරක්ෂාව ගැන මීට වඩා සැලකිල්ල යොමු නොකලේ අැයි? දමල යන්න බැරි දේවල් තිබෙන නිසාද? තෘෂ්ණාව නිසා නේද? ඔය අය නේද අපටම කියන්නෙ තෘෂ්ණාව අතහරින්න තියල ". ඕනම කෙනෙකුගෙ අතේ පිරිත් නූල් බැඳින්න බලා ගෙන ඉන්නව....

:       0       0

BamunuarachchiMonday, 18 June 2018 10:26 AM

හලෝ එහා ගෙදර මිනිහා තර්ජනයක් කලොත් අඹුවයි දරුවන්වයි දාල ආරක්ෂාව පතා පැනලා යනවාද? මෙහෙම නිවට කතාවක් අසුවාමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 259 0

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 170 0

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 400 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 806 5

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 1010 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 881 3

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1269 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site