රංජන් කස්තුරි
වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති.
වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථය යන අවම සුදුසුකම පිළිගත යුතු අතර එවැනි සුදුසුකම් නොමැති සිසුන් ඇතුළත් කර නොගත යුතු බවද වෛද්‍ය මනුජ් සී.වීරසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක්. මේ දේශපාලකයෝ හිතන්නේ ඒ අය හොරට ඡන්දෙ දිනනවා වගේ... මේ නූගත් ළමයින්ට වෙදකම් කරන්ඩ පුළුවන් කියලයි. ලංකාවේ ඉන්න හැම දේශපාලකයකුම රට කන්න ආපු කාලකන්නි ...
මේ බරපතල තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර මොවුන් විසින් පරීක්ෂාවට ලක්කළ යුතු දෙයක් නම් සයිට්ම් ආරම්භ කල වර්ෂය වන 2008 සිට මේ දක්වා රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් කළ සිසුන්ගේ අවම ප්‍රතිඵලය කුමක්ද යන්නයි. එම අවම ප්‍රතිඵලය එස් තුනක් නම් එම ප්‍රතිඵලය ඇති සයිට්ම් සිසුන්ට කොතලාවල පීඨයට ඇතුල්වීමට බාධාවක් නොමැත.
කොහොම උනත් අර ලමයින්ගේ අනාගතේ තමයි අදුරු වෙන්නේ
මේ ඔක්කොම විහිළු කාරයෝ...
මේ ආචාර්යවරුනට කුද ගසා ගන්නට කියා, ඉන්දියාවෙන් ආචාර්යවරුන් ගෙන්වා, මේ පාඨමාලාව දිගටම ගෙන යා යුතුයි.
සනතෝ, ඇස් තුනෙන් මෙඩිකල් කොලේජ් යන්න බෑ.
කිලිනොච්චිය වැනි දිස්ත්‍රික්කවලින් රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළත් වූ එස් තුන සිසුන්ට කිසිඳු ගැටළුවක් නැතිව මොවුන් ඉගැන්වූවානේද?
මේ දොස්තරලගේ කුහකකම රටටම පෙන්වන තීරණයක්...
මේ රටේ තීන්දු ගන්න අයට ඔලුවක් නැති නිසා මේ සේරම අවම සුදුසුකම ගැන හිතන්නවත් මොලේ කළදක් නැහැ නේද? දොස්තරලා කරන්න පුළුවන්ද මේ අඩු සුදුසුකම් තියෙන අයට...
චන්න සහ කමල් දන්න දෙයක් කියවන්න. යූජීසි අත්පොත බලන්න.. රජයකට උසස්පෙල විභාගය සමත් සියලු දෙනාටම වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පහසුකම් දීමට නොහැකි නිසා මිසක අවම සුදුසුකම එස් තුනක් ලබා ගැනීම සෑහේ...
සෑම් ඔබ බොහොම හරි... ලෝකෙට ණයවෙවී.. ඒවා හොරාකමින් රට බංකොලොත් බවට පත්කරමින් ඉන්න කාලකන්නි පිරිසක්... මේ අයට යම් දිනක ශාප වෙන්න ඕනේ...
පසුගියදා වෛදවරයෙක්ම නේද අධි තාක්ෂණික උපකරණ යොදවා හොරට තම දරුවට උසස් පෙළ ලියන්න සලස්වා අත්අඩංගුවට පත්වුණේ? එහෙම ලියන්න ඉඩ සලසන්නේ එස් 3ක් වත් ගන්න දක්ෂතාවයක් නැති නිසා නේද? මෙහෙම හොරට ලියා රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වන අයට සයිටම් සිසුන්ට තරම්වත් දැනුමක් නැහැ නේද? මේ සේරම තමන්ගේ කුහකකම්...
වෛද්‍ය පීටයේ පමණක් නොව කොතලාවල නීති පිඨයේද බහුතරය සුදුසුකම් නොමැති සිසුන්... නිලධාරීන්ගේ O/L වත් නොමැති දරුවන් තමයි සිටින්නේ...
කොතලාවල වැනි වැදගත් අවංක උතුමන්ලාට නුඹලා ඔක්කොම එකතුවෙලා නිග්‍රහ කරනවා.. එතුමා ඔය ඉඩම දුන්නේ පිනට.
අපේ කට්ටිය එස්.එස්.සී. විතරක් පාස්වෙලා පිට රටවලට ගොස් දොස්තරලා වෙලා එන්නේ මේ විදිහට පාස්වුණු කට්ටිය...
සම්මාන දෙකයි සමර්ථ... ඒක විද්‍යා උපාධීයකට මදි.. නර්ස්ලට ඊට වඩා සුදුසුකම් තියෙනවා... උසස් පෙළ කරපු ශිෂ්‍යයෝ ඉන්නවා. ඊට වඩා සුදුසුකම් තියාගෙන සාමාන්‍ය රස්සා කරන... මේක අසාධාරණයි..
එකක් කඩතොළු වසාගන්න ගොසින් මට වුණු කාරිය.. දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවෙ ආචාරියා..
එස්. සාමාර්ථ තුන නම් කිසිසේත් ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. නමුත් C දෙකක් සහිත සිසුන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුයි. අපේ රටේ සමහරක්ට පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් හොඳයිනේ. ඒ නිසා සිසුන්ව පිටරටකට විකුණන තැරව්කරුවන්ට ගාණක් කඩා ගන්නත් එක්ක අපේ ළමයින්ව පිටරටකටම පන්නා දැමීමට කටයුතු කිරීම රටේ අනාගතයට හොඳටම ගැලපෙනවා. ඉදිරි අනාගතයේදීවත් මේ පින් බිමෙන් වැඩක් ගත හැකි, පින් බිමට ඵලක් ඇති, බුද්ධිමත්, පින්වත් ජාතියකට මේ භුමිය හිමිව යුතුව තිබෙනවා. "ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්ය" වැනි බරපතල වචන මන්ද බුද්ධික ජාතියකට තරම් නොවන බව අප වටහා ගත යුතුයි. ප්‍රශ්න නිසිපරිදි විසඳනවා වෙනුවට, ප්‍රශ්න, තළුමරමින් අනුභව කොට, නැවත මහ පොළොවට පොහොර කිරීම හැර වෙනත් කිසිවකට හපන් කමක් නොමැති ජාතියක් බව අප අවබෝධ කර ගත යුතුයි.
මේකේ අදහස් හරිම පුදුමයි. බොහොමයක් තියෙන්නේ ඉරිසියාවෙන් පිරිච්ච අදහස්... නැත්නම් ආණ්ඩුවට කඩේ යන හෝ මහින්දට කඩේ යන අදහස්... රිසල්ට් කොහොම වුණත් සෙමෙස්ටර් එග්සෑම් එකම විදිහකට තියලා ප‍්‍රතිඵල හරියට දුන්නානම් හරිනේ.. එතකොට දක්ෂ අය උපාධිය ගන්නේ නැති අය රිපීට් වෙලා ආයිත් සල්ලි ගෙවලා ඉගෙන ගනියි. මට නම් මේකෙන් පේන්නේ උගන්වන ආචාර්යවරුන්ට ආත්ම විශ්වාසයක් නෑ. තමන්ට මුදලට හෝ බලයට යටවෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ මට හිතෙන විදිය... ඕනෑ නම් ෆී එක තව වැඩි කරන්න. එතකොට රජයේ ආදායමත් වැඩිවෙයිනේ. කලු සල්ලි ටිකත් එළියට එයි.
කන්නන්ගර මහත්තයගෙ නිදහස් අධ්‍යාපන පනතේ පෙරවදනේ තියෙනවා දරුවාගේ අධ්‍යාපනය පියාගේ පොකැට්ටුව මඟින් සීමාකරනු නොලබනු වස් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන බව. ඒ පනතේ අරමුණ සියළු දෙනාට අධ්‍යාපනය නොමිලයේ ලබාදීම නොවේ. මුදල් නැති අයට නොමිලයේ හෝ අධ්‍යාපනය ලබාදීමයි එහි අරමුණ. තාත්තට සල්ලි නැති නිසා ළමයෙකුට අධ්‍යාපන වරම අහිමි වෙන එක අසාධාරණ වගේම සල්ලි දීලා හරි ළමයෙකුට ඉගෙනගන්න නැති එක අසාධාරණයි. ඒක මිනිහෙක්ව මරනවට වඩා පාපකර්මයක්. තමන් කැමති රැකියාවක් කළ නොහැකිවීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. දොස්තරලගේ කුහකකම ඇරුණම පාදඩ වෛද්‍ය මැරබලය සාධාරණිකරණය කරන්න වෙන හේතුවක් නෑ.
පශු වෛද්‍යවරු අත්‍යවශ්‍ය රටකට මොකටද වෛද්‍යවරු?
යමෙකු උසස් පෙළට වසර දෙකක් ඉගෙන ගත්තා කියා ඔහු බහුශ්‍රැතයෙකු වන්නේ නැත. ඇමරිකාවේ උසස් පාසල්වල කලා විෂයයන් හදාරන අයට වුවද විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට බාධාවක් නැත. එහෙම අය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවාට වෛද්‍ය සිසුන්ගේ විරෝධයක්ද නැත. මක් නිසාද, ඔවුන් අවසාන විභාගය සමත් නොවුනොත් කුමක් ඉගෙන ගත්තද ඵලක් නොවන බැවිනි. ඒ නිසා මුදල් ඇති අය කෙරෙහි වෛරයකින් බැලීම නතර කර, ඔවුන්ට කෙසේ හෝ නිසි අධ්‍යාපනය ලබා දී, අවසන් විභාගයේ ප්‍රතිඵලය මත පමණක් පත්වීම් ලබාදීම සිදු කරන්නේ නම් (මේ අවස්ථාව වෛද්‍ය සභාව මගින් අධීක්ෂණය කළයුතු අතර වෙනත් බාහිර බලපෑම් නොතිබිය යුතුය) මෙවන් ගැටළුවක් ඇතිවන්නේ නැත. හැකිනම් විදේශ සිසුන් පවා ලංකාවට ගෙනවිත් විදේශ විනිමය උපයා ගැනීමටද මෙය මාර්ගයක් කර ගත යුතුය. (බංගලාදේශය, නේපාලය වැනි) අප තවදුරටත් දූපත් මානසිකත්වයෙන් ම මේ දෙස බලන්නේ ඇයි? එංගලන්තය වැනි රටවල ප්‍රධාන අදායම් මාර්ග අතුරින් වැඩි කොටසක් පෞද්ගලික අධ්‍යාපනය විකිණීමෙන් ලබාගන්නා බව සැවොම දන්නා කරුණකි.
සුපිරි වෛද්‍යවරුන් වෙන්න පුළුවන් A3 ගත්ත ගොඩක් ළමුන්ට යන එන මන් නැතිවෙනවා. විශ්වවිද්‍යාලයේ යන්න බැරි වුණාම... වෙන්න ඕන අලුත් විශ්ව විද්‍යාල දෙකක් හෝ තුනක් අලුතෙන් ආරම්භ කරලා රටේ වෛද්‍යවරුන්, බුද්ධිමතුන් වැඩි කරන එක. නැතුව නුසුදුසු අයට සල්ලි බලෙන් ගොඩ ගිහිල්ලා රටේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන එක නෙමේ.
කොතලාවල සම සෞඛ්‍ය අධ්‍යාපනයත් දැන් අවුරුදු ගාණක් තිස්සේ මුදලට විකුණනවා. 2013 දී බඳවාගත් පළමු කණ්ඩායමට පමණක් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නේ ඔවුන් සියල් දෙනාම රැකියාගත කරන්න ගිවිසුමකට යටත්ව. නමුත් ඉන්පසු බඳවාගත් සියලුම සම සෞඛ්‍ය කණ්ඩායම් මුදල් ගෙවීමේ පදනම මතයි.
ඇමති ඉදිරියේ දෙකට නැමිලා නැට්ට බඩ යට ගහ ගන්න කීකරු සුනඛයින් අසරණ ළමයින්ට හයියෙන් බුරනවා මම මීට පෙරත් දැකලා තිබෙනවා. හැබැයි පිටරට ළමයින්ට එහෙම නැහැ. කන්නත් දීලා කකුලුත් ලෙව කාලයි ආපසු යවන්නේ. මොනවා කරන්නද බලු ජාතියේ හැටි?
පිටරට ඉගෙන ගන්නා ශිෂයෙකු ලෙස මම නම් කියන්නේ, ඔබට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හෝ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකමක් ඇත නම්, කරුණාකර පිටරටකට ගොස් අධ්‍යාපනය හදාරන්න. ඉන් පසුව ලෝකයේ තමන් කැමති රටකට වීසා අයදුම් කොට ගිහින් ඒ රටට සේවයක් කොට එම රටවල පදිංචි වන්න.බහුතර සිංහල මිලේච්ජයින් ශ්‍රී ලංකාව පාලනය කරන තාක් රටේ තරුනපරපුරට අනාගතයක් නැත. මෙවන් මෝඩ, අමන, කුහක තුප්පහි ජාතියක් ලොව කිසිම රටක මුණ නොගැසෙනු ඇත. උගත් හෝ නුගත් යයි කිසිදු වෙනසක් නැත. ඇත්තේ. ගෝත්‍රික පැවතුම් ඇති.පාදඩයින් පමණි.
අනේ මම කැම්පස් යන කාලේ අවම සුදුසුකම සී 3යි. ඒ 2008 දි. මේ කයිවාරු වීරයෝ කියන්නේ එස් 3 කියලා........ආචාරවරුන්ගේ තීරණය නිවැරදියි..
සයිටම් මංගල්‍යයක් හින්දා හොඳට තිබුණු කොතලාවලත් විනාශ වෙනවා සාධාරණ ඉල්ලීමක් අඩුගානේ සී - 2 එස් - 1 ක් වත් ගන්ඩ බැරිනම් මොන දොස්තරකම්ද?
ඇමති විජේදාස රාජපක්ෂ ඇමති මේ S තුන සම්මත කරන්න පියවර ගත් අවස්ථාවේ මේ කට්ටිය කොහෙද හිටියේ? හුබස් ඇතුලට රිංග ගන්න ඇති බයටම? දැන් මෙතන ලොකුවට පෙනේ පුප්පනවා?
එස් තුනක් තියාගෙන මොකටද දොස්තරලා කරන්න හදන්නේ. කොන්දොස්තරලා ටිකක් කරලා දානවකෝ. එතකොට මේ වැඩේ ඉවරයිනේ..........
නර්ස් ලට හොඳ සුදුසුකම් තියනවනම් ඒගොල්ලෝ අරගෙන උගන්වල දොස්තරලා කරන්නකෝ. දැනුත් වැඩි හරියක් දොස්තර වැඩ කරන්නේ එගොල්ලොනේ.